IPL වෙන්දේසියේ ලංකාවේ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව
- helloplanetaviss
- Feb 2, 2022
- 2 min read

වනිදුගේ ආරම්භක වටිනාකම ඉ.රු. ලක්ෂ 100යි.
2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන වෙන්දේසිය මේ මස 12 වැනිදා සහ 13 වැනිදා බැංගලූර් හිදි පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 590දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බවයි.
එම වෙන්දේසිය සදහා ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 23දෙනෙකු ද ඇතුළත්ව තිබේ.
එහි වැඩිම ආරම්භක වෙන්දේසියේ වටිනාකමක් සහිත ක්‍රීඩකයා ලෙස නම්කර ඇත්තේ ශ්‍රී ලංකා විස්සයි විස්ස සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගය.
වනිදු හසරංගයේ ආරම්භක වෙන්දේසි වටිනාකම ලෙස සටහන් කර ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 100කි.
මෙම වෙන්දේසියට 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ නම ද වෙන්දේසියට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. ඔහුගේ ආරම්භක වෙන්දේසි වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 20යි.
ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 23දෙනා පහතින්.
වනිඳු හසරංග – ඉන්දියානු රුපියල් ලක්ෂ 100යි. මහීෂ් තීක්ෂණ – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි. දුෂ්මන්ත චමීර – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි. චරිත අසලංක – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි. කුසල් මෙන්ඩිස් – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි. කුසල් පෙරේරා – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි. නිරෝෂන් දික්වැල්ල – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි. අකිල ධනංජය – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි. භානුක රාජපක්ෂ – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි. පැතුම් නිස්සංක – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි. මතීෂ පතිරණ – ඉන්දියානු රුපියල් ලක්ෂ 20යි. අවිශ්ක ප්‍රනාන්දු – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි. දසුන් ශානක – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි. චාමික කරුණාරත්න – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි. ලහිරු කුමාර – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි. කෙවින් කොත්තිගොඩ – ඉන්දියානු රුපියල් ලක්ෂ 20යි. තිසර පෙරේරා – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි. ඉසුරු උදාන – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි. ධනුෂ්ක ගුණතිලක – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි. නුවන් තුෂාර – ඉන්දියානු රුපියල් ලක්ෂ 20යි. සීක්කුගේ ප්‍රසන්න – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි. ධනංජය ලක්ෂාන් – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි. දුනිත් වෙල්ලාලගේ – ඉන්දියානු රුපියල් ලක්ෂ 20යි.
Comments