top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

සත්වන දිනටත් දරුණු ගැටුම් : රුසියානුවන් පන්දහසක් යුක්රේනයේදී මරුට

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Mar 1, 2022
  • 2 min read

ree

රුසියාව විසින් යුක්‍රේනය තුල හමුදා මෙහෙයුම් ආරම්භ කර ගතවන හයවන දිනය අදයි. මේවනවිට දෙපාර්ශවය අතර දරුණු ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්‍රේනයේ කිව් අගනුවර හා කාකිව් නගරය අල්ලා ගැනීම රුසියාවේ අරමුණ වී තිබෙනවා.

ඒ අනුව මේවනවිට රුසියාව යුක්‍රේනයේ කිව් අගනුවරට සහ කාකිව් නගරයට අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. කාකිව් නගරයේ වැසියන්ට නගරයෙන් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසට රුසියාව අනතුරු අගවා තිබුනා.

ගුවන් ප්‍රහාර එල්ල කර ඇත්තේ ඉන් අනතුරුවයි. එලෙස එල්ල කළ ප්‍රහාර හමුවේ පාසලක්, සාප්පු සංකීර්ණයක් ඇතුලු ගොඩනැගිලි රැසක් විනාශ වී තිබෙනවා. ප්‍රහාරවලින් සිවිල් වැසියන් 10 දෙනෙකු ද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ රාත්‍රිය පුරා යුක්‍රේනයේ කිව් අගනුවරට ද රුසියාවෙන් දරුණු ලෙස ගුවන් ප්‍රහාර එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාර හමුවේ කිව් අගනුවර ඉහල අහස තැඹිලි පැහැ ගැන්වී තිබූ බවයි. කිව් අගනුවර අල්ලා ගැනීම සදහා පැමිණෙමින් ඇති රුසියානු හමුදාවේ යුද රථ පෙල මේවනවිට අගනුවරට සැතපුම් 17 ක් දුරින් සිටින බවයි වාර්තා වන්නේ. පවතින තත්ත්වය අනුව රුසියාව යුක්‍රේනය ඉලක්ක කර පොකුරු බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිටින බවටයි ජාත්‍යන්තර විචාරකයන් චෝදනා එල්ල කරන්නේ. ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව යුද ගැටුම්වලදී පොකුරු බෝම්බ ප්‍රහාර එල්ල කිරීම තහනම් වනවා. ඒ අනුව රුසියාවට ඉදිරියේදී යුද අපරාධ චෝදනාවන්ට ලක් වන්නට සිදුවනු ඇති බවටයි විචාරකයන් පවසන්නේ.

කෙසේවෙතත් යුක්‍රේනය පැවසුවේ ගැටුම් හමුවේ මේවනවිට රුසියානු සොල්දාදුවන් 5,300 ක් පමණ මිය ගොස් ඇති බවයි. ගැටුම් හේතුවෙන් සිය පාර්ශ්වයට හානි සිදුව ඇති බව රුසියාව ද පළමු වරට පිලිගෙන ඇති නමුත් සිදුව ඇති හානි මොනවාද යන්න ප්‍රකාශ කර නැහැ.

මේ අතර සිය රටේ සිටින සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි ජාත්‍යන්තරය හමුවේ රුසියාවට චෝදනා එල්ල කලා. ඔහු පවසන්නේ සාමකාමී යුක්රේන වැසියන් ඝාතනය කීරීමේ වරදට ලොව කිසිදු අයෙකු රුසියාවට සමාව නොදෙනු ඇති බවයි.

පවතින තත්ත්වය අනුව හමුදාව සමග එක්වීමට කැමැත්ත පල කරන සිරකරුවන් මුදා හැරීමට ද යුක්‍රේන ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර යුක්රේනය සහ රුසියාව අතර ඊයේ පැවැති සාම සාකච්ඡාවේදී දෙපාර්ශවයම එකග වී ඇත්තේ තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමටයි. ඒ අනුව දේපාර්ශවයේම සාමාජිකයින් සිය රට බලා පැමිණ ඇති අතර සාකච්ඡාවල මීලග වටය ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page