top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

මෙරට දරුවන් සරම්පවලින් බේරගන්න නව එන්නත් වැඩසටහනක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Dec 29, 2023
  • 1 min read

ree


2024 ජනවාරි 6 වැනිදා සිට දිවයිනම ආවරණය වන පරිදි එන්නත්කරණ වැඩසටහනක් දියත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.


ඒ, සීඝ්‍රයෙන් හිස ඔසවමින් ඇති සරම්ප රෝගයේ පාලනය ප්‍රධාන අරමුණ කරගනිමින්.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙරටින් යළි වාර්තා වන සරම්ප රෝගය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමුව ඇති බවයි.


ඒ අනුව සරම්ප රෝගය තුරන් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ සහ ජාතික උපදේශක කමිටුවේ ද උපදෙස් ලබාගෙන ඇතියි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.


ගෝලීය වශයෙන් වාර්තා වන සරම්ප රොගීන්ගෙන් සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව හා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේවනවිටත් ඒ පිළිබඳ අනතුරු අගවා ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.


මේවනවිට සරම්ප රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ ආසියානු රටවලින් බවයි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසුවේ.


කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ අසල්වැසි ඉන්දියාවේ මෙන්ම තවත් ආසියානු රටවල් කිහිපයකම පසුගිය කාලය පුරාවට මහා පරිමාණ සරම්ප වසංගත තත්ත්වයන් වාර්තා වූ බවයි.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page