top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ජාත්‍යන්තර ප්‍රසාදයට පත් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සෞඛ්‍ය ලේකම්ගේ විශේෂ නිරීක්ෂණයට

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Dec 19, 2023
  • 3 min read

ree

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා (17 දින ) කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ (NIHS) විශේෂ නිරීක්ෂණයක නිරත විය.


එම ආයතනයේ පවතින වත්මන් මානව, භෞතික ගැටලු වලට විසදුම් ලබා දෙමින් ඉදිරියේ දී වඩාත් ගුණාත්මකව, කාර්යක්ෂමව සෞඛ්‍ය වෘත්තිකයින් මෙරටට අවශ්‍ය පරිදි පුහුණු කිරීම මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විදේශීය සෞඛ්‍ය වෘත්තිකයින් මෙරට තුළ දී පුහුණු කිරීම මෙම නිරීක්ෂණ චාරිාකාවේ ප්‍රධාන අරමුණ විය.


වත්මන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලබා දී ඇති උපදෙස් පරිදි ක්ෂේත්‍රයට ගොස් සෞඛ්‍ය වෘත්තිකයින් හට පවතින ගැටලු හදුනා ගනිමින් ඒ සදහා විසදුම් ලබා දෙමින් ප්‍රශස්ථ සෞඛ්‍ය සේවාවක් අනාගතයේ උදා කරලීම අරමුණු කර ගනිමින් සිදු කරගෙන යනු ලබන මෙම ක්ෂේත්‍ර චාරිකා නිරීක්ෂණයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් ද සහභාගී වුහ.


සෞඛ්‍ය ලේකම්තුමා සහ නිලධාරීන් විසින් ජාතික සෞඛ්‍ය විද්‍යාතනයේ පුහුණු වන සෞඛ්‍ය වෘත්තිකයින්ගේ දැනුම පෝෂණය කිරීම සදහා එහි ස්ථාපිත කර ඇති පුස්තකාලය, පිරිමි නේවාසිකාගාරය, මහජන සෞඛ්‍ය රසායනාගාරය, තාක්ෂණ ශිල්පී පුහුණු පාසල, මහජන සෞඛ්‍ය පරීක්ෂක පුහුණු පාසල, දමිල භාෂා පාසල, ආහාර රසායන විද්‍යා රසායනාගාරය, සායනික ක්ෂුද්‍ර ජීව විද්‍යා රසායනාගාරය, කාන්තා නේවාසිකාගාරය මෙන්ම කළුතර හෙද විදුහලේ අධ්‍යන හා පරිපාලන සිව් මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ද නිරීක්ෂණයට ලක් කෙරිණි. මෙහිදී එම විද්‍යාතනයේ ප්‍රවාහන පහසුකම් සපුරා ගැනීම සදහා රථ දෙකක් භාරදීම සිදුවිය.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව එම විද්‍යාතනයේ සියලුම නිලධාරීන් හා කාර්ය මණ්ඩලය සමඟ විශේෂ චාරිකාවක නිරත වීමට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පියවර ගත් අතර පවතින ගැටලු පිළිබඳව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා විසින් සෞඛ්‍ය ලේකම්තුමා දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.


පවතින ගැටලු වලට කෙටි කාලීන විසදුම් මෙන්ම, දිගුකාලීන විසදුම් ද ලබා දෙමින් සමහර ගැටලු වලට විකල්ප සාධනීය ක්‍රම ද යෝජනා කරමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ.


කලකට පසු තීරණ ගැනීමට හැකියාවක් තිබෙන වගකීමක් මෙන්ම වගවීමක් තිබෙන නිලධාරී කණ්ඩායමක් අද මෙහි ක්ෂේත්‍ර චාරිකාවට සහභාගී වු බවත් නැවත වරක් මාස 3 කට පසු මෙහි පැමිණ අද ගන්නා ලද තීරණ කොතෙක් දුරට ක්‍රියාත්මක වුවාද යන්න පිළිබදව පසු විපරමක යෙදෙන බවයි.


කළුතර සෞඛ්‍ය විද්‍යාතනය යනු අප රටේ පමණක් නොව අප කලාපයේ ද පමණක් නොව ලෝකයේම ජනාදරයට, කීර්තියට පත් වු ආයතනයක් බවද 1926 සැප්තැම්බර් 30 වන දින මෙහි සමරු පොතේ සමරු සටහනක් තබා තිබෙන බවද සිහිපත් කලේය. 1913 වර්ෂයේ දී මහජන සෞඛ්‍ය සේවාව ආරම්භ වුණු බවත් 1918 වර්ෂයේ දී Rockefeller Foundation කියන ඇමරිකානු ස්වේචාජා ආයතනය උදවු කරමින් පණු රෝගය පාලනය කිරීම සදහා පියවර ගත් බවත් එකල ඇනේමියා රෝගයට ගොදුරු වී සමහරුන් මියගිය බවද සදහන් කලේය.


එම සංවිධානය මගින් වසරකට ‌ඩොලර් මිලියනය බැගින් වියදම් කලත් වසර 3 කට පසු සමාලෝචනයක් සිදු කල විට එහි ප්‍රගතියක් දක්නට නොලැබුණු බවද තත්වය දරුණු අතට හැරුණු බැවින් බෙහෙත් වලින් එය පාලනය කිරීමට නොහැකි බව තේරුම් ගනිමින් රෝග නිරාවණ ව්‍යාපෘතියක් ආරම්භ කල බවත්, සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කීරිමට තිරණය වු අතර මෙරට නියෝජිතයින් දෙදෙනෙකු සහ Rockefeller Foundation හි අධ්‍යක්ෂවරයා ද සමාජිකයකු බවට පත් කල බවත් ඒ අනුව කටයුතු කරමින් 1926 කළුතර ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ ව්‍යාපෘතිය ආරම්භ වුනු බවත් පසුව වෛද්‍යවරයකුගේ අධීක්ෂණයෙන් ඒකක 60 ක් ලංකාවේ ඇති කල බවද එය අද වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දක්වා ව්‍යාප්ත වුණු බවද අවධාරණය කලේය.


මෙම ජාතික සෞඛ්‍ය විද්‍යාතනයේ අත්දැකීම් ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය 1978 දී අල්මාටා නගරයේ විශේෂ සමුළුවක් පවත්වා “Health for all” යන සංකල්පයට පැමිණි බවත් එදා සිට 2018 Declaration of Astana තත්වයට පැමිණෙන තුරු ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය කියන ක්‍රමවේදය ලෝකයට හදුන්වා දීමට හේතු වුයේ ලංකාවේ තිබුණු ප්‍රතිපත්තිමය තීරණ සහ ක්‍රියාත්මක කල තීරණ හරහා බවත් මේ කලාපයේ හොදම ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ ව්‍යාපෘතිය තිබෙන, ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයට අවශ්‍ය කාර්ය මණ්ඩලය පුහුණු කරවන ලෝකයට බලන් ඉන්න ස්ථානයක් බවට මෙම ස්ථානය පත් කල යුතු බවත් අපට මේ විද්‍යාතනය ආසියාවේ තිබෙන හොදම විද්‍යාතනය බවට පත් කිරීමේ සිහිනයද තිබිය යුතු බවද පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස අපි මාස 3 කට වරක් මෙහි සමාලෝචනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු දෙපල මාසිකව මෙම ස්ථානයට පැමිණ සමාලෝචනය සිදු කිරීමට කටයුතු කරන බවත් මෙම ආයතනයට ලබාදිය හැකි සහය සෞඛ්‍ය අමාත්‍යංශය වශයෙන් ලබා දෙන බව ද පැවසීය.


මෙම නිරීක්ෂණ චාරිකාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ඉංජිනේරු) සාලින්ද බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ජනප්‍රිය කරුණාරත්න, දිනිප්‍රිය හේරත්, ප්‍රධාන මුල්‍ය නිලධාරී ජී.එස්.කරුණාරත්න, අධ්‍යක්ෂ (පර්යේෂණ) වෛද්‍ය අරුණ සන්දනායක, පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා, කළුතර සෞඛ්‍ය විද්‍යාතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්ෂේත්‍ර සේවා) වෛද්‍ය නෙළුම් සමරුතිලක මහතා යන මහත්ම මහත්මීන්ද ජාතික සෞඛ්‍ය විද්‍යාතනයේ නිලධාරීන් හා කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වුහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page