top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ශ්‍රී ලංකාවත් රුසියාවට විරුද්ධයි ද ? බ්‍රිතාන්‍ය පුවත්පතක් සිතියමක් එළිදක්වයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Mar 3, 2022
  • 1 min read

ree

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය ගැනීමත් සමග ලොව බොහෝ රටවල නායකයින් එම තීරණයට එරෙහිව නැගී සිටීමට තීරණය කෙරුණා.

නේටෝ සංවිධානය, යුරෝපා සංගමයට අයත් රටවල් විසින් මේ වන විටත් රුසියානු ආක්‍රමණයට එරෙහිව මුහුණ දීම සඳහා අවශ්‍ය ආයුද, ඖෂධ ඇතුළු ආධාර යුක්රේනයට ලබාදීමට පියවර ගනු ලැබූ අතර ඉන් ඔබ්බට රුසියානු ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරමින් ආර්ථික සම්බ්ධාක පැනවීමට ද පියවර ගනු ලැබුවා.

මේ වන විට රුසියානු ආක්‍රමණය හේතුවෙන් යුක්රේනයේ සිවිල් වැසියන් දෙදෙහසකට ආසන්න පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබුණද, ලොව බොහෝ රටවල් රුසියාවේ මෙම ක්‍රියා පිළිවෙතට එරෙහිව කතා කිරීමට මැලිකමක් දක්වනු ලබන අතර එයට හේතුව ඔවුන් සිය වෙළෙඳ සබඳතා ආරක්ෂා කර ගැනීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට රුසියානු ආක්‍රමණය හෙළා දකින යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටීමට චීනය තීරණය කරනු ලැබූ අතර ඇතැමුන් ඊටත් එහාට ගොස් රුසියානු ජනාධිපතිවරයාට සහාය දෙන බවට ප්‍රතිඥා දී ඇත.

මේ අතර බ්‍රිතාන්‍යයේ පලවන ඩේලි මේල් පුවත්පත විසින් ලෝකයේ රටවල් අතරින් රුසියාවට සහය දක්වනු ලබන රටවල්, රුසියානු ආක්‍රමණයට එරෙහිව සිටින රටවල්, මධ්‍යස්ථ හෝ පැහැදිලි අදහසක් නොදක්වන රටවල් සම්බන්ධයෙන් වන සිතියමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එහි විශේෂත්වයක් වන්නේ රුසියාවට එරෙහිව සිටින රටවල් අතර ශ්‍රී ලංකාව ද සිතියම් ගත කර තිබීමයි. ඉන්දියාව සහ පාකිස්ථානය මධ්‍යස්ථ සහ පැහැදිලි අදහසක් නොදක්වන රටවල් ලෙසට හඳුන්වනු ලැබ තිබෙනවා.

රුසියාවට සහය දක්වනු ලබන රටවල් අතර බෙලරුස්, සිරියාව, වෙනිසියුලාව, කියුබාව, මියන්මාරය, උතුරු කොරියාව යන රටවල් සෘජුවම රුසියාවට සහය දක්වනු ලබන රටවල් ලෙසයි මෙහිදී හඳුන්වා දී ඇත්තේ.



ree

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page