top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ලෝකෙට කන්නට බතල වවනවා කොල්ලෝ

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 25, 2022
  • 1 min read

ree

නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹන්ගඟ යාබදව පිහිටි අඹන හේනගලයාය ප්‍රදේශයේ තරුණ පිරිස් මේවන වන විට රටට බත වෙනුවට රටට බතල සැපයීමේ වැඩසටහන්ක් ආරම්භ කොට ඇති බව ගම්මු කියති.


විවිධ රැකියාවල නිරතව සිටි අඹන ප්‍රදේශයේ තරුණ කණ්ඩායම් ඒකරාශී වී අත්තම් ක්‍රමයට සහ කුලී ක්‍රමයට එකිනෙකාගේ කුඹුරු ඉඩම් වල කොටසක් වෙන් කොට මීට මාස කිහිපයකට ඉහතදී බතල වගා කොට තිබේ.


ඒ අනුව මාස තුනකට පසුව එහි අස්වැන්න නෙළීම මේ දිනවල සිදුකරන බව තරුණ බතල ගොවීහු පවසති.


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බතල කිලෝවක් සඳහා රුපියල් සියයක් එකසිය දහයත් අතර ඉහළ මිලක් ලැබෙන බවද එම තරුණ ගොවීහු පවසති.


කුඹුරු වගා කළ බිම් වල පොහොර නොමැතිව වගාවන් අසාර්ථක වනවා දුටු මෙම ප්‍රදේශයේ තරුණයන් ආහාර හිඟයට පිළියමක් ලෙස මෙම බතල වගාවට යෙමු වූ බවත් මේ දිනවල එහි ඉතා සාර්ථක අස්වැන්නක් මෙන්ම සාර්ථක මිලක් තමන්ට ලැබීම නිසා තම ප්‍රදේශයේ ජනතාවගේ අතමිට සරු වන බව ඔවුහු වැඩිදුරටත් පවසති.


මෙම බතල වගාව ට එතරම් වියදමක් සහ පොහොර කෘමිනාශක අවශ්‍ය නොවන නිසා කුඹුරු වගා කිරීම සඳහා පොහොර නොමැතිවීම අතිවිශාල වියදමක් දැරීමට සිදුවීම ආදී කරුණු හේතු කොටගෙන වී වගාවෙන් ඈත්ව තමන් මෙසේ පොහොර හිගය නිසාම බතල වගාවට යොමු වූයේ තමන් සතුව තිබූ පොහොර ප්‍රමාණයන් යොදා ගනිමින් බව ඔවුහු පවසති.


එහි තරුණ ගොවීන් පිරිසක් කියා සිටියේ නිකරුනේ ගැවසීම කින් තොරවව කිසියම් වැඩක නියැළීමෙන් රටට සේවාවක් සිදුවන බවය .තම ගම්මානයේ මෙයාකාරයෙන් තරුණයන් 15 , 20 පමණ දෙනා කණ්ඩායම් වලට සැකසී විවිධ ගොවිතැන්බත් කිරීම සාමාන්‍යයෙන් කලක සිට සිදුකරගෙන එන බවය.




Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page