top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ප්‍රවීණ රංගන ශිල්පි ගිරිරාජ් කෞෂල්‍ය රංගන ජීවිතයට සමුදෙන්න තීරණය කරයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 1, 2022
  • 1 min read

ree

අපේ රටේ හාස්‍ය රංගන ශිල්පියෙකු විදිහට සුවහසක් ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි ගිරිරාජ් කෞශල්‍ය කියලා කියන්නේ. පුංචි තිරය, සිනමාව කියන මේ හැම අංශයකින්ම එතුමන්ගේ දක්ෂ කම් රටටම පෙන්වූ අති විශිෂ්ට රංගන ශිල්පියෙක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම තමයි ඔහු චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්.


ඉතින් ඒ වගේම මෑත කාලයේ අපේ රටේ බොහෝ දෙනෙක් අතරේ ඔහු ගැන කතා බහට ලක්වුණේ ඔහු රංගනයෙන් දායක වුනු ජනප්‍රිය ටෙලිනාට්‍ය නිර්මාණයක චරිතය නිසයි. කොහොම නමුත් මේ දක්ෂ රංගන ශිල්පියා ඔහුගේ රංගන ජීවිතයට සමුදෙන්න තීරණය කර ඇති බවයි දැනගන්න ලැබුනේ.


ලියුකේමියා රෝගයෙන් දැඩි ලෙස රෝගාතුර වී සිටින ගිරිරාජ් කෞෂල්‍ය මහතා අසීරු තත්ත්වයෙන් මිදෙමින් පසු වෙනවා. නමුත් ඔහුට දිගු කාලයක් යනතුරු රංගන කටයුතු සඳහා යෙදීමට අනුමැතිය දිය නොහැකි බවට වෛද්‍යවරුන් ගිරිරාජ් කෞෂල්‍ය මහතාගේ පවුලේ සමීපතයන්ට දන්වා තිබෙනවා . රංගනයේදී එල්ල වන ඉතා ප්‍රබල වෝල්ටිතාවයකින් යුතු විදුලි ආලෝක කිරණ වලට ඔහුගේ ශරීරය නුසුදුසු බවටයි වෛද්‍යවරුන් මත දරන්නේ.


ඒ අනුව ගිරිරාජ් කෞශල්‍යයන්ගේ වෛද්‍යවරයා නිර්දේශ කරලා තියෙන්නේ රූ ගත කිරීම් කටයුතු වලදී අදික වෙහෙසක් දරන්නට සිදුවෙන නිසාවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන සිතමින් ගිරිරාජ් කෞශල්‍යයන්ට රංගනය නවත්වන ලෙසයි.


ඒ නිසා නැවත කිසිදු ටෙලිනාට්‍ය නිර්මාණයකින් හෝ කිසිඳු වැඩසටහනක් ඔස්සේ එතුමන්ව දකින්නට නොලැබෙන අතර ලංකේය කළා ක්ෂේත්‍රයට විශාල පාඩුවක් වනු නොඅනුමානයි.


නමුත් ගිරිරාජ් මහතාගේ දියණියක් වන අමන්දා උප්පලීට ජනප්‍රිය ටෙලිනාට්‍ය නිර්මාණකරුවන් විසින් ගිරිරාජ් මහතාගේ අනුදැනුම මත ඔහු රංගනයෙන් දායකවූ නාට්‍යයටම සම්බන්ධ කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා. එහිදී ඇය තමාගේ පියාගේ ආශිර්වාද මැද මේ දිනවල රූගත කිරීම් වලට සහභාගි වන බවටයි තව දුරටත් වාර්තා වන්නේ.


ඉතින් ඒ වගේම මේ දක්ෂ ප්‍රවීණ කළා කරුවාට අපි ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page