ජය ශ්‍රීලාට දුන් වාරණ ආඥාව උල්ලංඝනය කිරීම නිසා වැඩ වරදී
- helloplanetaviss
- Jan 13, 2022
- 1 min read

ජය ශ්‍රි සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනකු වන රොහාන් ජයලත් සහ රෝහිත ජයලත්ට එරෙහිව අධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ ආඥාව උල්ලංඝනය කිරීම නිසා, ජය ශ්‍රිට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සීතාසි නිකුත් කර තිබෙනවා.
ගරු වාණිජ මහාධිකරණය විසින් රෝහිත ජයලත් සහ රොහාන් ජයලත්ට එරෙහිව වාරණ ආඥාවක් නිකුත් කර තිබුණේ, ඔවුන්ට ගීත 20ක් ගායන කිරීම තහනම් කරමිනුයි.
මෙය උල්ලංඝනය කරමින් වාරණය කරන ලද ගීත ගායනා කිරීමට එරෙහිව අද දින ගරු වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් රෝහිත සහ රොහාන් ජයලත් යන අයට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සීතාසි නිකුත් කරනු ලැබ තිබෙනවා.
මෙහිදි පෙත්සම්කාර අරුණ ලියාන් වෙනුවෙන් තිලිණි හෝවිතාරණගේ උපදෙස් මත නීතිඥ රඛිත රාජපක්ෂ, නීතිඥ සදූන් සේනාධිපති සමඟ ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ පෙනි සිටිමින් සදහන් කර සිටියේ, අධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ ආඥාව උල්ලංඝනය කිරීම ඉතා බරපතළ කරුණක් වන බවයි.
මෙම නඩුව නැවතත් 2022 ජනවාරි මස 27 වැනි දින කැඳවීමට නියමිත යි.
Comments