top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

චාමිකට කැංගරු සටන අහිමිවෙයිද ?

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 3, 2022
  • 1 min read

ree

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා නම්කළ සංචිතයට ඇතුළත්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නටද 'කෝවිඩ්-19' වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔහුට මෙම තරග සංචාරය අහිමිවනු ඇත.


තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (03දා) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.


කෝවිඩ්-19වෛරසය ආසාදනය වීම හේතුවෙන් වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, වැඩබලන පුහුණුකරු රුමේෂ් රත්නායක හා අභ්‍යාසක පුහුණුකරු දිල්ෂාන් ෆොන්සේකා යන අයටද ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ඔස්ට්‍රේලියානු තරග සංචාරයට එක්වීමට නොහැකි වූහ.


කෙසේ නමුත් රුමේෂ් රත්නායක මහතා ඉදිරියේදී කණ්ඩායම සමගින් එක්වීමට නියමිත අතර, නුවන් තුෂාරද සිය නිරෝධායන කාලසීමාව සම්පූර්ණ කර කණ්ඩායම සමගින් එක්වීමේ බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරු වාර්තා වේ. ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා විස්සයි20 තරගාවලිය මෙම මස 11වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page