top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

කොළඹ අනතුරේ : හානිය දෙගුණ - තෙගුණවූ බවට හෙළිදරවුවක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 2, 2022
  • 1 min read

ree

කොළඹ දිස්ත්‍රික්කයේ පැවැති තෙත් බිම් හෙක්ටයාර් 46,600න් මේ වන විට ඉතිරිව ඇත්තේ හෙක්ටයාර් 2,000කට ආසන්න ප්‍රමාණයක් යැයි හෙළි වී තිබෙන බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.


වසර සියයකට ආසන්න කාලයක් තුළ සිදුකළ ඉඩම් ගොඩකිරීම්වලින් මේ විනාශය සිදුව ඇති අතර ඉකුත් වසර 10ක පමණ කාලය තුළ මෙම හානිය දෙගුණ - තෙගුණ වී ඇති බවත් මේ තත්ත්වය යටතේ කොළඹ ජලගැලීම් පාලනයට, ජෛව විවිධත්වය රැකගැනීමට මෙන්ම පරිසරයේ සමතුලිත බව රැක ගැනීමටද ඇති හැකියාව ශීඝ්‍රයෙන් අහිමි වෙමින් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් නාගරිකව පවතින සුවිසල් ගොඩනැඟිලි, මංමාවත් ඇතුළු කොන්ක්‍රීට් අධික පරිසරයේ උණුසුම පාලනය වීමට වැදගත් වන තෙත් බිම් රැකගැනීමට පුළුල් වැඩසටහන් යටතේ දැන්වත් කඩිනමින් පියවරක් ගත යුතුව ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ ජේ‍යෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා පවසන්නේ.


මේ මොහොත වන විටත් කෝට්ටේ, ඇතුල්කෝට්ටේ, බත්තරමුල්ල වැනි ප්‍රදේශවලද ඇතැම් ප්‍රදේශවල කුඹුරු ඉඩම්ද අනවසර ගොඩකිරීම්වලට ලක්වෙමින් පවතින බව පෙන්වා දුන් විතානගේ මහතා රැම්සා තෙත් බිම් සහිත නගරයක් වන කොළඹ මේ වන විට ඉතිරි වී ඇති තෙත් බිම් ටික හෝ රැකගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු යැයිද පරිසරවේදීන් පෙන්වා දෙනවා.


වනජීවී පනත වැනි ශක්තිමත් පනතකින් ආවරණය වන පරිදි දැනට පවතින තෙත් බිම් ප්‍රමාණය හෝ ගැසට් කර ආරක්ෂා කරගත යුතු බව පරිසර යුක්ති කේන්ද්‍රයේ ජේ‍යෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා පවසන්නේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page