top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

කුසලතා පදනම මත ස්ථිර පදිංචියට : අවශ්‍ය සුදුසුකම් මෙන්න

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 8, 2022
  • 1 min read

ree

ලෝකයේ විවිධ රටවල සිටින දක්ෂතා සහිත පුද්ගලයින් සහ ආයෝජකයින් තම රටට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ස්ථිර පදංචි වීසා ක්‍රමයක් හඳුන්වා දීමට බහරේන් රාජ්‍යය කැබිනට් මණ්ඩලය මෙම සැලසුම් අනුමත කරන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, විවිධ කුසලතා සහිත විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් වඩාත් නම්‍යශීලී සහ දීර්ඝ කාලීන වීසා නිකුත් කෙරෙනු ඇත.

සාමාන්‍යයෙන් ගල්ෆ් කලාපයේ රටවල් ස්ථිර පදිංචි වීසා නිකුත් නොකරන අතර ඔවුන් බොහෝ විට නිකුත් කරනුයේ, වසර කිහිපයක් සඳහා වන රැකියා වීසා පමණි.

කෙසේ වෙතත්, බහරේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා විසින් ඊයේ හඳුන්වා දෙන ලද මෙම වීසා ක්‍රමය යටතේ, බහරේන්හි සේවය කිරීමට ඇති අයිතිය තහවුරු කෙරෙන අතර කැමති වාර ගණනක් රටට ඇතුළුවීමට සහ පිටවීමට හැකි වීම මෙන් ම රැකියාලාභියාගේ සමීප ඥාතීන්ට බහරේන් රාජ්‍යයේ පදිංචි වීමට ඉඩ සැලසීම ද සිදු වනු ඇත.

මෙම වීසා ක්‍රමය The Golden Residency Visa ලෙස නම් කර තිබේ.

මෙම වීසා ක්‍රමයට සුදුසුකම් ලැබීම සඳහා අයැදුම්කරුවන් බහරේන් රාජ්‍යයේ අවම වශයෙන් වසර 5ක් වාසය කර තිබිය යුතු අතර ඔහු අවම වශයෙන් බහරේන් ඩිනාර් 2000ක ($ 5,300)ක මාසික වැටුපක් ලබන්නෙකු විය යුතුයි .

තවද අයදුම්කරුවන්ට ඩිනාර් 200,000 ට නොඅඩු වටිනාකමක් ඇති දේපල හිමි විය යුතු අතර විශ්‍රාමිකයින්ට සාමාන්‍ය මාසික වැටුප ඩිනාර් 4,000 හෝ ඊට වැඩි විය යුතුය. ස්ථිර පදිංචිය ලබන්නන් වාර්ෂිකව අවම වශයෙන් දින 90ක් බහරේනයේ ගත කළ යුතු බැව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page