top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

"අපේ රටේ ක්‍රිකට් පුහුණුකාරීත්වය දරන්න වෙන රටවල මිනිස්සු කැමති වෙන්නේ නැහැ" අර්ජුන රනතුංග

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 1, 2022
  • 2 min read

ree

ජනවාරි මස 20 වෙනිදා සිට 29 දක්වා ආසියා ලයන්ස්, වර්ල්ඩ් ජයන්ට්ස් හා ඉන්දියා මහරාජාස් වශයෙන් කණ්ඩයම් තුනකින් සමන්විත ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරඟාවලියක් ඕමානයේදී පැවැත්වුනා . එහිදී තර‍‍ඟාවලියේ අවසන් මහා තරඟය ක්‍රීඩා කළ ආසියා ලයන්ස් කණ්ඩායම පරදා, වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත්වුනා .


මෙරට ක්‍රීඩා කළ සුපිරි ක්‍රීඩකයින් රැසක් ආසියා ලයන්ස් කණ්ඩායමේ සාමාජිකයන් වන අතර පුහුණුකරු ලෙස 1996 ලෝකශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රනතුංග ක්‍රියා කළා.

තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් ජනවාරි 30 නැවත ශ්‍රී ලංකාවට පැමිණී අතර, තරඟාවලිය සම්බන්ධයෙන් ඔවුන් මෙසේ අදහස් දක්වා තිබුනා.


පුහුණුකරු අර්ජුන රණතුංග ප්‍රකාශකර සිටියේ "මෙම තරඟාවලිය ගොඩක් හොඳ විදිහට සෙල්ල්ම් කරා. තරඟාවලිය අතරතුරදී අපේ ක්‍රීඩකයින්ට ආබාධ ඇතුවුන නිසා පොඩි බාධාවක් ඇති වුණා. මොකද ක්‍රීඩකයින් කිසිප දෙනෙක් හැරුනාම ගොඩක් දෙනෙක් ගොඩ කාලයෙකින් ක්‍රීඩා කරලා තිබුණේ නැහැ. අවසන් තරඟයේදී අපේ පන්දු යවනන්නන් හැමෝම වගේ තුවාල වෙලා සිටියේ. ඒ නිසා ගොඩාක් ලකුණු ප්‍රමාණයක් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම ලබාගත්තා."


මේ අතර ශ්‍රී ලංකා කණ්ඩයමේ ස්ථිර පුහුණුකරුවෙක් නොමැති වීම සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ “පහුගිය කාලයේ අපේ ක්‍රිකට් පරිපාලනය පැත්‍තෙන් කළ විපාක වල ප්‍රතිපල දැන් විදිමින් පවතිනවා. අපේ රටේ ක්‍රිකට් පුහුණුකාරීත්වය දරන්න වෙන රටවල මිනිස්සු කැමති වෙන්නේ නැහැ. නමුත් ඒ දේ තාමත් ඔවුන්ට කිව්වට තේරෙන්නේ නැහැ.”


“අපේ කට්ටියගේ ලොකු මාන්නයක් තියනවා පිට රටකින් පුහුණුකරුවෙක් අවශ්‍යයි කියලා. අපේ රටේ ගොඩාක් හොඳ පුහුණුකරුවන් ඉන්නවා. ඔහුන් පිටරට වලට ගිහිල්ලා ඔවුන්ට පුහුණුකාරීත්වය ලබාදෙනවා. ඒගොල්ලොත් දැනගන්න ඕනේ ඒගොල්ලෝ ඒ විදිහට පුහුණුකාරීත්වයේ ඉන්නේ ලංකාවට ක්‍රීඩා කරලා ලබපු ගෞරවය හා පරිණතභාවය නිසා කියලා. ඒක පරිපාලනය තුළ තියන වරදක් කියලා මම දකිනවා.”


සනත් ජයසූරිය තරඟාවලිය සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ “ලෙජන්ඩ් තරඟාවලිය හැම ක්‍රීඩකයෙක්ම ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා. මට කොවිඩ් වෛරසය ආසාදනය වුණ නිසා අවසන් තරඟ දෙක විතරයි ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණේ. අවසන් තරඟයේදීත් අපේ ක්‍රීඩකයින් ලකුණු 250ක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවක් හඹාගෙන යද්දී ඉතා ලඟටම පැමිණීමට හැකිවුණා. මම හිටපු ක්‍රීඩකයෙක් විදිහට අපේ ක්‍රීඩකයින් ක්‍රීඩා කළ ආකාරයට ගොඩක් සතුටු වෙනවා.”


පුහුණුකරුවෙක් නොමැති වීම සම්බන්ධ ප්‍රශ්නයකට සනත් ජයසූරිය ප්‍රකාශ කර සිටියේ “තවම පුහුණුකරුවෙන් නැති එක ලොකු පාඩුවක්. අපි ඒකට ඉක්මනටම පිළියමක් යොදන්න අවශ්‍යයි. දැනට තාවකාලිකව පුහුණුකරුවෙක් එකතු කරගෙන සිටිනවා. ඔහුත් සමඟ එකතුවෙලා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් කල්පනා කරලා තමන්ට තියන රාජකාරිය ඉෂ්ඨ කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ.”


මෙම තරඟාවලිය ක්‍රීඩා කළ දඟපන්දුවේ රජු “මුත්‍තයියා මුරලිදරන්” ප්‍රකාශ කර සිටියේ “ලෙජන්ඩ් ලීග් තරඟාවලිය ක්‍රීඩා කරේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට පරණ ක්‍රීඩකයින් නැවතත් ක්‍රීඩා කරනවා බලන්න කැමති නිසා. අපි තරඟාවලියකට පුහුණුවීම් කරලා ගියේ නැහැ. නිකන් ගිහින් සෙල්ලම් කරලා ආවා විතරයි. අපි හැමෝම තරඟාවලිය ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙන් තරඟ කළේ. නමුත් අවාසනාවකට අපිට අවසන් තරඟය ජයග්‍රහණය කිරීමට නොහැකි වුණා. නමුත් ක්‍රීඩකයින් හැමෝම ඔවුන්ට පුලුවන් උපරිම විදිහට ක්‍රීඩා කළා.”බවයි

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page