හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 160 ක් ගෙන්වීමට සැලසුම්
- helloplanetaviss
- Jul 28, 2023
- 1 min read

ඖෂධ හිඟය මාස දෙකක් ඇතුළත මග හරවා ගැනීමට අවශ්‍ය මිලදී ගැනීම් සදහා සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියා කර ඇති බවත්, හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 160 ක් පමණ ගෙන්වීමට යෝජනා කර ඇති බවත් (26) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා මේ බව අනාවරණය කළේ, විශේෂ මාධ්‍ය හමුවකදීය.
මෙරටට ආනයනය කරන ඖෂධ වෙනුවෙන් සාමාන්‍යයෙන් මාස 06 ක කාලයක් ගතවන බවත් එබැවින් හදිසි මිලදී ගැනීම් ක්‍රියාත්මක කරමින් ක්‍රියා කරන බවත් හෙතෙම පැවසීය. මෙම ඖෂධ හිඟය අඩුම වශයෙන් මාස දෙකක් ඇතුළත මග හරවා ගැනීමට හැකි වනු ඇති බවද ඒ මහතා කීය.
පිළිකා සදහා අවශ්‍ය වන ඖෂධ වර්ග 65 ක් ද මේ වන විටත් ඇනවුම් කර ඇති බවද වත්මන් ආර්ථීක රටාවට අනුව නිර්දේශිත ඖෂධ පමණක් ගෙන්වීමට සැලැසුම් කර තිබෙන බවද, වත්මන් ආර්ථික අර්බුදය මෙම තත්වය ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපෑ බවද අතිරේක ලේකම්වරයා කීය.
මේ වන විට ඖෂධ වර්ග 350 කට ආසන්න ප්‍රමාණයක් දේශීය නිෂ්පාදකයන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදෙන බවත් ප්‍රකාශ කල වෛද්‍ය සමන් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ වර්ෂය අවසන් වන විට තවත් ඖෂධ වර්ග 100 ක ප්‍රමාණයක් දේශීය නිෂ්පාදකයන් ගෙන් ලබා ගන්නා බවය. සෑම වසරකම තත්වයෙන් අසමත් වු (quality failure) ඖෂධ 80 ත් 100 ත් අතර ප්‍රමාණයක් තිබෙන බවත් ලෝකයේ අනෙකුත් රටවලද මෙවැනි සිදුවීම් සිදුවන බවත් හෙතෙම අවධාරණය කර සිටියේය.
Comments