හදිසි නීතිය තවත් මසකට දික්වෙයි - අත්‍යාවශ්‍ය සේවාවලට බාධා කළොත් වැඩ වරදියි
- helloplanetaviss
- Jul 28, 2022
- 1 min read

වැඩි ඡන්ද 57 කින් ඊයේ සම්මත වූ හදිසි නීතිය හෙවත් හදිසි අවස්ථා ප්‍රකාශනය තවත් මසක කාලයක් බලපැවැත්වෙන බව නීතිවේදීන් පවසනවා. නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාම නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ මසකට පසු හදිසි නීතිය පිළිබද පාර්ලිමේන්තුවේ විවාද කර යළිත් දීර්ඝ කිරීමට හැකියාව පවතින බවයි.
හදිසි නීතිය පැනවීමට පාදක වන කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී විස්තර කෙරුණා.
කෙසේවෙතත් හදිසි නීතිය පැනවුවද ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට ඉඩ නොමැති බවයි ආචාර්ය ප්‍රතිභා මහානාම වැඩිදුරටත් සදහන් කළේ.
හදිසි නීති රෙගුලාසි යටතේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධා කරන සියලු පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතින බවයි නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට පැවසුවේ.
අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධා කරන පුද්ගලයන්ගේ දේපළ වුවද නඩු විභාගයකින් අනතුරුව රාජසන්තක කිරීමට හැකියාව පවතින බව ඔහු ප්‍රකාශ කළා.
සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන හා ඊට අදාළව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිවද හදිසි නීතිය යටතේ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව පවතින බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.
Comments