top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

හදිසි අවශ්‍යතා සඳහා විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට සිදුවුවහොත්.....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 2, 2022
  • 2 min read

ree

හදිසි අවශ්‍යතා සඳහා විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට සිදුවුවහොත් එය සිදු කිරීමට ප්‍රතිපත්තිමය එකඟතාවය හිමිවූ බවත්, එසේ වුවද පෞද්ගලික විදුලි බලාගාරවලින් ඉදිරිපත් කළ කොන්දේසියක් වූ වසර 03කට අඛණ්ඩව ඔවුන්ගෙන් විදුලිය ලබා ගැනීමට එකඟ විය යුතුය යන්නට රජය එකඟ නොවන බවත්, ඒ වෙනුවට අවශ්‍ය කාලසීමාවලදී පමණක් විදුලිය ලබා ගැනීමට නැවත සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කළ බවත්, කැබිනට් මාධ්‍ය සම ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පෙබරවාරි 02 දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී විදුලි අර්බුදයට විසඳුමක් ලෙස හදිසි විදුලි මිලදී ගැනීම් සිදුකිරීමට අනුමැතිය හිමි වූයේද යන්න මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙනි. දැනට නම් කර ඇති පෞද්ගලික විදුලි ප්‍රභවයන්ට අමතරව ඕනෑම අයකුට ඉදිරිපත් විය හැකි ආකාරයට නැවත ටෙන්ඩර් කැඳවීමක් සිදු කරන ලෙස ජනාධිපතිවරයා විදුලි බල අමාත්‍යවරයා ට උපදෙස් ලබා දුන් බවත්, ඒ අනුව ඉදිරියේදී එම ටෙන්ඩර් කැඳවීම සිදු කර විදුලි සැපයුමට කැමති අයෙකු සිටී නම් ඇතිවන එකඟතාව අනුව අවශ්‍ය මිලදී ගැනීම් සිදු කිරීමට ප්‍රතිපාදන ලබා දී ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය. පසුගිය කාලය තුළ එකදු විදුලි බලාගාරයක් හෝ ඉදි වී නොමැති බවත්, වත්මන් විදුලි අර්බුදයට හේතුව වන්නේ එය බවත්, පසුගිය වසරේ හදිසි මිලදී ගැනීම් සිදු නොකළේ වසර පුරාවට තිබුනු වර්ෂාපතනය නිසා බවත්, අමාත්‍යවරයා පැවසීය. රජයේ විදුලි බලාගාරවලට ඩීසල් ලබා ගැනීම ගැටලුවක්ව පැවතියදී පෞද්ගලික විදුලි බලාගාරවලට ඩීසල් ලැබෙනුයේ කෙසේද යන්න මාධ්‍ය විමසූ විට එයට පිළිතුරු වශයෙන් රජය මගින් ලබාදෙන ඩීසල් ප්‍රමාණය කෙසේ හෝ කලමනාකරණය කර ඇති බවත්, ඩීසල් නොලැබීමට හේතුව මේ රටේ තිබෙන ඩොලර් අර්බුදය බවත්, අමාත්‍යවරයා පැවසීය. ඉන්ධනවලට මෙන්ම අත්‍යවශ්‍ය අනෙකුත් සාධක වෙනුවෙන් දැරීමට වන වියදම නොවැළැක්විය හැකි බවත්, එම නිසා එම අර්බුදය කලමනාකරණය කර ගැනීමට උපරිමයෙන් කැපවී කටයුතු කරන බවත්, අමාත්‍යවරයා පැවසීය. බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පමණ 2030 වන විට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව යොදාගෙන සැපිරීම ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව වත්මන් ආණ්ඩුවේ බලාපොරොත්තුව බවත්, එය සාර්ථක කර ගැනීමට සියලු ආකාරයේ කටයුතු මේ වන විට සිදු කෙරෙන නමුත් ඒ සම්බන්ධයෙන් ගැටලු විශාල ප්‍රමාණයක් ඇතිවී තිබෙන බවත්, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. පසුගිය කාලය පුරාවටම කිසිදු බලාගාරයක් ඉදි කිරීමට කටයුතු නොකළ අතරම ලෝකය තුළ ප්‍රතික්ෂේප වන තාප බලාගාර ඉදිකිරීමට යෝජනා වීම තුළින් මෙරට සිටින නිලධාරින් පෞද්ගලික න්‍යාය පත්‍ර වලට අනුව කටයුතු කරන බව පෙනෙන්නට තිබෙන බවත්, හරිත බලශක්තිය සම්බන්ධයෙන් ලෝකය තුළ සාකච්ඡා කෙරෙන බවත්, එතැනට යාමට ඇති බාධා බිඳගෙන ඉදිරියට යෑමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවත්, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page