හොරකම් කරන දේශපාලඥයින්ට හෙණ ගසන බවට මහින්ද අමරවීරගෙන් ප්‍රකාශයක්
- helloplanetaviss
- Dec 6, 2021
- 1 min read

ජනතාව මහත් පීඩාවකින් ජීවත් වෙන අවස්ථාවක දී දේශපාලඥයින් හෝ රාජ්‍ය නිලධාරින් මුදල් සොරකම් කිරීමට හෝ මුදල් අයථා ලෙස භාවිත කිරීමට උත්සාහ කරනවා නම්, ඔවුන්ට වැහි නැති හෙණ වදීවි යැ යි පරිසර අමාත්‍යය මහින්ද අමරවීර පවසනවා.
වීරකැටිය දෙබොක්කාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගි වෙමිනුයි ඔහු මේ බව අවධාරණය කළේ.
තමන් 1994 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන බව පැවසූ අමාත්‍යවරයා, පාර්ලිමේන්තුව සජීවී ව විකාශය ආරම්භ කිරීමෙන් පසුව ද ජන
තා නියෝජිතයින් හික්මීමකින් තොර ව කටයුතු කිරීම අප්‍රසන්න බව සඳහන් කළා.
Comments