top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

හෝටල් සහ සංචාරක නියෝජිත ආයතන දිරි ගැන්වීමට කර්මාන්ත ආධාරක යෝජනා ක්‍රමයක්....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 11, 2022
  • 2 min read

ree

මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වන හෝටල් සහ සංචාරක නියෝජිත ආයතන සඳහා දිරි ගැන්වීමට කර්මාන්ත ආධාරක යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට යයි. සංචාරකයන් මෙරටට පැමිණීම වැඩිකර ගැනීම මෙහි අරමුණයි. ඊට අඳාලව කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

දේශීය ගමනාන්ත කලමනාකරණ සමාගම් (DMCs) හෝටල් හිමියන් සහ මාර්ගගත සංචාරක නියෝජිතයන් (OTAs) සඳහා මෙම වැඩසටහන හඳුන්වා දීමට නියමිතයි. ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශ අරමුදල් යටතේ රුපියල් මිලියන 400ක මුදලක් වෙන්කෙරේ. මෙය සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීම සඳහා තවදුරටත් රජයේ සහය තවදුරටත් පල කිරීමකි.‍ මීට පෙර ද රජය මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා විශේෂ සහන රැසක් එම ක්ෂේත්‍රයේ නියුතුවූවන්ට ලබාදුන් බවද ඇමතිවරයා පෙන්වා දෙයි. මෙය වර්තමාන සංචාරක පැමිණීම් වල වර්ධනය සහ ප්‍රතිලාභ කෙටි කාලීන ඉහල නැංවීමට සමත් ප්‍රවර්ධන කාර්යයක් වනු ඇත. එමෙන්ම මෙය අභ්‍යන්තර ගත සංචාරක ව්‍යාපාරයේ සෘජුව නියැලී සිටින පාර්ශවකරුවන් සඳහා දිරිගැන්වීමක් ද වනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පල කරයි. 2019 සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සහ 2020 දී ඇති වූ කොවිඩ් වසංගතය නිසා මෙරට සංචාරක ව්‍යාපාරය කඩා වැටුනු අතර රජයේ ඉලක්කය වන්නේ කොවිඩ් වලට පෙර පැවැති තත්වයට වඩා ඉහළ තත්වයකට මෙරට සංචාරක ව්‍යාපාරය ගෙන ඒමයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රට නගන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වසර 2025 දී ඇ‍.ඩො.බිලියන 10ක සංචාරක ආදායම් ඉලක්කයකට ලඟා වීමට රජය අපේක්ෂා කරයි. ඒ කාලය වනවිට විදෙස් සංචාරකයන් මිලියන 06ක් ලංකාවට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරේ. මේ වනවිට මෙරටට සංචාරකයන් පැමිණීමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කෙරේ. පසුගිය දින 8 තුල මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 23,745කි. 2021 වසරේ ජනවාරි මාසයේ මුල් දින 8 තුල මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 1682කු පමණි. පසුගිය දින 8 තුල මෙරටට වැඩි වශයෙන්ම පැමිණ ඇත්තේ රුසියාව,ඉන්දියාව,යුක්රේනය, එක්සත් රාජධානිය,ජර්මනිය,මාලිදිවයින,ඕස්ට්‍රේලියාව,ප්‍රංශය, පෝලන්තය සහ කසකස්ථානය යන රටවලිනි.ඇමතිවරයා පෙන්වා දෙන්නේ මේ වසර සංචාරක ව්‍යාපාරය පිලිබඳ අපේක්ෂාවක් තබාගත හැකි වසරක් බවයි. කොවිඩ් වසංගතයෙන් පසු නව සාමාන්‍යකරණ වැඩපිලිවෙල යටතේ රට ක්‍රමානුකූලව යථාතත්වයට පත්වෙමින් තිබෙන බැවින් සංචාරක කර්මාන්තයේ දියුණුව පිලිබඳව ද අපේක්ෂාවන් තබා ගත හැකි බව ඔහු පෙන්වා දෙයි. යෝජිත දිරිගැන්වීමේ වැඩසටහන හඳුන්වා දුන්නේ ද එම අපේක්ෂාව යථාර්තයක් බවට පත්කර ගැනීමේ අරමුණින් බවද ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page