top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

හිටපු ජනපතිට ආපසු එන්න හොඳ කාලය මෙය නොවෙයි - ජනපති රනිල් කියයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Aug 1, 2022
  • 1 min read

ree

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර වෝල් ස්ට්‍රීට් ජර්නයලය සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. මෙම අවස්ථාවේදී ඔහු යළි දිවයිනට පැමිණීම, ආර්ථික අ‍ර්බුදය හේතුකරගනිමින් තමන් නෙරපා හැරීමට පෙළ ගැසී සිටින විරෝධතාකරුවන් අතර යළි නැගිටීමක් සිදුවිය හැකි බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සම්මුඛ සාකච්ජාවේදී කියා ඇත්තේ.

දැඩි මහජන විරෝධතා මධ්‍යයේ, ගුවන් හමුදා යානයකින් මාලදිවයිනට ගොස් අනතුරුව සිංගප්පූරුව බලා යාමෙන් පසුව එහි සිට සිංගප්පුරුව බලා යාමෙන් පසු පසුගිය ජූලි 13 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස් වීම නිවේදනය කළා.

මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පත්ලට වැටී ඇති බවත් උමගේ ඈත කෙළවරක ආලෝකයක් තමන්ට පෙනෙන බැවින් ඉතා ඉක්මනින් එයට ලඟා විය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා ඇත්තේ.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව අගෝස්තු අග වන විට එළැඹීමට හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද මෙහිදී ජනාධිපතිවරයා කියා තිබෙනවා.

රටට අවශ්‍ය ආහාර සහ පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සඳහා ලබන වසරේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 කට වඩා වැඩි ප්‍රමාණයක් වෙනත් මූලාශ්‍රවලින් ලබා ගැනීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page