හෙට පැය 05කට අධික විදුලි කප්පාදුවක්
- helloplanetaviss
- Feb 28, 2022
- 1 min read

හෙට දිනයේද කලාප කිහිපයකට පැය 05 යි විනාඩි 15 ක කාලයක් විදුලි කප්පාදුවක් සිඳුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව හෙට දිනයේ ඡල Q,R,S,R,U,V සහ W කලාපවලට පැය 05 යි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. A, B හා C යන කලාපවලට හෙට දිනයේ පැය හතරයි විනාඩි 40 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය ලබාදුන් බවද මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවා.
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් තාප විදුලි බලාගාර 04 ක් මේ වනවිට අක්‍රීය වී තිබෙනවා. කොළඹ වරායේ නවතා ඇති බත්තල තාප බලාගාරය, කැලණිතිස්ස නැප්තා බලාගාරය, කැළණිතිස්ස ජී ටී 7 බලාගාරය සහ මෙගාවොට් 50 ක විදුලි ධාරිතාවක් නිපදවන කැළණිතිස්ස තවත් තාප බලාගාරයක් එලෙස අක්‍රීය වී ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.
ඒ අනුව ඩීසල් සහ නැප්තා ප්‍රමාණවත් පරිදි බලාගාර වෙත ලබා දෙන්නේ නම් අඛණ්ඩව විදුලිය ලබා දිය හැකි බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.
විදුලි අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට විසදුම් ලබා දීමට ආණ්ඩුව මෙතෙක් කටයුතු කර නොමැති බවයි ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ. මේ, එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.
කෙසේවෙතත් ඉදිරි දින කිහිපය තුළ අක්‍රීය වී ඇති තාප බලාගාර සඳහා ඉන්ධන ලබා දීමට රජය කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මාධ්‍ය හමුවේ අද ප්‍රකාශ කළේ.
Comments