top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

හෙට (16) උදේ 10.00 ට පාර්ලිමේන්තුව රැස්වෙයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jul 15, 2022
  • 1 min read

ree

හෙට (16) සෙනසුරාදා පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්වන බවත් එම රැස්වීමට සභාගී වන ලෙසත් කතානායකවරයා සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දෙයි.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුරයෙන් ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරමින් කතානායකවරයා මෙම දැනුම්දීම සිදු කළේ ය.


කතානායකවරයා දැනුම් දුන්නේ, නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම 1981 අංක 02 දරණ ජනාධිපතිවරයා තරා පත්කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය ප්‍රකාරව ක්‍රියාත්මක කරන බවයි.


මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට උපරිම සහයෝගය ලබා දෙන ලෙස සියලු පක්ෂ නායකයන්ගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් කතානායකවරයා ඉල්ලා සිටියේ ය.


තව ද කතානායකවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ, නිසි ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට නිදහසේ තම හෘදසාක්ෂියට එකඟව කටයුතු කිරීමට හා රැස්වීම් සඳහා සහභාගී වීමට සුදුසු සාමකාමී වාතාවරණයක් උදාකර දෙන ලෙසයි.


එවැනි සාකාමී වාතාවරණයක් තුළ සියලු වගකිවයුත්තන්ගේ සහයෝගය ඇතිව දින හතක් වැනි කෙටි කාලයක් තුළ මෙම ක්‍රියාදාමය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද කතානායකවරයා ප්‍රකාශ කර සිටි‌යේ ය

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page