top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

‘සර්පයා’ නිදොස් කොට නිදහස්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jun 20, 2022
  • 1 min read


ree

සබරගමුව පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හසිත සමන්ත මුහන්දිරම් හෙවත් ‘සර්පයා’ නැමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (19) නියෝග කළේ ය.


ඒ , කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් ය.

1999 වසරේ කලවාන ප්‍රදේශයේ දී හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී රංජිත් නන්දසේන සහ ඔහුගේ ආරක්ෂකයා වෙඩි තබා වාහනයක් තුළ දමා ගිනි තබා ඝාතනය කළ බවට ඔහු චෝදනා ලබා සිටියේ ය.

ඝාතන සිද්ධියට අදාළ පොලිස් විමර්ශන හරියාකාරව සිදු කිරීමට පොලීසිය පියවර ගෙන නොමැති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය.


නොසැලකිළිමත් අයුරින් පොලීසිය මෙම විමර්ශනය සිදු කර ඇති බවත් ඉදිරිපත් කළ සාක්ෂි විශ්වාසනීයත්වයෙන් තොර බවත් , සිය තීන්දුවේ වැඩිදුරටත් සදහන් කළ විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ අධිකරණ වෛද්‍ය සාක්ෂි ද විශ්වාසනීයත්වයෙන් තොර බවය.


විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කළේ ය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page