top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

සයිබර් ආරක්ෂණ පනත මේ වසරේ දී පාර්ලිමේන්තුවට

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Aug 8, 2023
  • 1 min read

ree


සයිබර් ආරක්ෂණ පනත මේ වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


සිම්කාඩ්පත් නිසා සිදුවන වංචා දූෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පුද්ගල දත්ත පද්ධතියක් ආරම්භ කිරීමේ පළමු වැඩසටහන වශයෙන් සියළුම පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර ඇති බවයි.වසරක පමණ කාලයක් තුළ එම වැඩපිළිවෙළ අවසන් කිරීමට හැකි වනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

මේ වන විට වයස අවුරුදු 15ට වැඩි සෑම පුද්ගලයෙකුගේම ජීව දත්ත එකතු කිරීමේ වැඩපිළිවෙල රජය ආරම්භ කර තිබෙනවා. වයස අවුරුදු 15ට වැඩි සෑම පුද්ගලයෙකුගේම තොරතුරු ලබා ගැනීමට රජය කටයුතු කරනවා. මිය යන සෑම පුද්ගලයෙකුගේම සිම් කාඩ් පත අහෝසි කිරීමද මෙහිදී සිදු වෙනවා. විවිධ දුරකථන සමාගම්වලට අයත් සිම්කාඩ්පත් නියාමනය කිරීම රජය මගින් සිදු වෙනවා. මිය ගිය පුද්ගලයින්ගේ දුරකථන අංක සහිත සිම්පත් අවලංගු කිරීමටද එම දුරකථන සමාගම්වලට උපදෙස් ලබා දී තිබෙනවා.තවද විවිධ වංචා සඳහා යොදා ගන්නා සිම්පත් විසන්ධි කිරීම සිදු කරනවා.

 
 
 

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page