top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගැටලු විසඳන්නැයි නිලධාරීන්ට උපදෙස් දෙයි....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 13, 2022
  • 1 min read

ree

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ දැනට පවතින ගැටලු විසඳීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (10) පස්වරුවේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අරලියගහ මන්දිරයේ දී පැවැති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවේ දී ඉදිරිපත්වූ කරුණු සැළකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යතුමා මෙම උපදෙස් ලබා දුන්නේය. නාගදීප රජමහා විහාරස්ථානය පූජා භූමියක් බවට පත්කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවය එළැඹෙන මාර්තු මාසයේ පැවැත්වීමට ද අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම සාකච්ඡාවේ දී තීරණය කෙරිණි. දහම්පාසල් කොඩි දිනය,දහම් පාසල් දින ජාතික උත්සවය සහ දහම් පාසල් සිසු නිපුණතා ජාතික උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු විය. දහම් පාසල් පොත් බෙදා දීමේ ප්‍රවාහන කටයුතු සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහය ලබා ගන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී දැනුම් දුන්නේය. සිවුපස ආධාර ලබා දීමේ වැඩසටහන තමන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී ආරම්භ කළ වැඩසටහනක් බව සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමා, දුෂ්කරතා තිබෙන විහාරස්ථානවල ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් එම වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බව පැවසීය. උතුරු හා නැගෙනහිර පළාත්වල පූජා භූමි හා පුරාවිද්‍යා ස්ථානවල දැනට පවතින ගැටලු නිරාකරණය කරමින් ඒවායේ ඇති ශිලා ලේඛන අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කළ යුතු බවද අග්‍රාමාත්‍යතුමා මෙහි දී අවධාරණය කළේය. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය නියෝජනය කරමින් පූජ්‍ය මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමීන්වහන්සේ, පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන්වහන්සේ, පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන්වහන්සේ, පූජ්‍ය මැදගමුවේ විජයමෛත්‍රී අනුනායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කළහ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නිශාන්ත වීරසිංහ මහතා සහ රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීහු එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page