සබරගමුව සහ බස්නාහිර පළාත්වල නුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මි.මී. 100ට වැඩි තද වැසි...
- helloplanetaviss
- Feb 13, 2022
- 1 min read

උතුරුමැද ,නැගෙනහිර පළාත්වල, මාතලේ දිස්ත්‍රික්කයේ සහ ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුළින් බරව පවතී. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් නුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව අද (13) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.
Comments