top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

සනත් නිශාන්තට සිතාසී

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 29, 2022
  • 1 min read

ree

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝබර් මස 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙත සිතාසි නිකුත් කර තිබෙනවා. ඒ, අභියාචනාධිකරණ ද්වීපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්.


එම නියෝගය තුළින් වග උත්තරකාර සරත් නිශාන්තට නියෝග කර ඇත්තේ ඔක්තෝබර් මස 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන ලෙසයි. ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන නීතිඥවරු දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව සිය තීන්දුව අද දින ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝග නිකුත් කළා.


පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය නඩුකරයක සැකකරුවකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත නම් කර ඇති බවත්, එම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදා හළ බවත් පෙත්සම්වල සඳහන්.


එසේ තිබිය දී අගෝස්තු මස 23 වන දා මාධ්‍ය හමුවකදී, සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා අරගලකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළකර ඇතැයි ද පෙත්සම් වලින් චෝදනා කර තිබෙනවා.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page