top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

සත්ත්ව සුබසාධන පනත සංශෝධනයට කෘෂි ඇමතිගේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි.

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 12, 2022
  • 1 min read

ree

සත්ත්ව සුබසාධන පනත සංශෝධනයට කෘෂි ඇමතිගේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි.

මෙරටේ සත්ත්ව සුබසාධනය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට (10) රැස් වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ගොවිපලවල, නිවෙස්වල, කැලෑබද, අයාලේ යන කුමන සතෙකුට වුවද කෲර වධ හිංසා පැමිණවීම මෙම සත්ත්ව සුබසාධන වැඩපිළිවෙළ යටතේ වැළකෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙයි. “ මෙරටේ සත්ත්ව සුබසාධනය සඳහා දැනට ක්‍රියාත්මක වෙන්නේ 1907 සම්මත කර ඇති සත්ව හිංසා ආඥා පනතට අනුවයි. එම පනත යටතේ සත්ත්ව හිංසාවන් සඳහා පැනවිය හැකි දඩය රුපියල් 100ක් පමණයි. මේ නිසා මේ පනත සංශෝධනය කරන්න අපි පියවර ගත්තා.⁣ ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. මෙම යෝජිත පනත ගැසට් කරලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, අනුමැතිය ලබා ගන්න අපේක්ෂා කරනවා. නව පනත අනුව සත්ත්ව හිංසනයට රුපියල් 1,25000ක උපරිම දඬයක් හා වසර තුනකට නොඅඩු සිර දඬුවමක් ලබාදිය හැකි” යැයිද අමාත්‍යවරයා කීවේය. මෙම නව සත්ත්ව සුබසාධන පනත අනුව කටයුතු කිරීමට වෙනම පශු වෛද්‍ය නිලධාරියෙකු යටතේ වෙනම අංශයක් ස්ථාපිත කරන බවද අමාත්‍යවරයා කීවේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page