top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

“සිංහල ගොවිතැන” කෘතිය ජනපතිට පිළිගැන්වේ....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 20, 2022
  • 1 min read

ree

පණ්ඩිත, පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් රචිත, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් නැවත මුද්‍රණය කළ “සිංහල ගොවිතැන” කෘතිය (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්විණ.

පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් විසින් වර්ෂ 1951 දී රචිත “සිංහල ගොවිතැන” කෘතිය මගින් සරුසාර අස්වැන්නක් සඳහා භාවිත කළ ගොවිතැන් ක්‍රම හා උපකරණ පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කර ඇත. වස විසෙන් තොරව කළ සිංහල ගොවිතැන නැවත වතාවක් පණ ගැන්වීම පිණිස මෙම කෘතිය යළි මුද්‍රණය කළ බවත් මෙය රාජ්‍ය නිලධාරීන් අතර බෙදා දෙන ලෙසත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය වලේබොඩ ගුණසිරි, ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය මැදඋයන්ගොඩ විජයකිත්ති හිමි, පූජ්‍ය රත්මලානේ රතනසිරි හිමි යන භික්ෂූන් වහන්සේ මෙම අවස්ථාවට වැඩම කළහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page