top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ස්වයංපෝෂිත නිවසක, ප්‍රායෝගික අධ්‍යාපනය දරුවන්ට ලබාදෙන්න- පළමු වතාවට ගමට අය වැයක්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 15, 2022
  • 1 min read

ree

ස්වයංපෝෂිත නිවසක් සඳහා වන, ප්‍රායෝගික අධ්‍යාපනය, නිවසේදී දරුවන්ගේ ඇස් දෙකට පෙන්වන ලෙස, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු මවුපියන්ගෙන් ඉල්ලීමක් කළේය.

මහරගම සංවර්ධන කමිටුවේ සභාපතිවරයාද වන, අමාත්‍යවරයා, මේ බව කියා සිටියේ, දිවයින පුරා සමෘද්ධි ප්‍රතිලාභීන් හට අය වැයෙන් වැඩි කළ 28% ක දීමනාව ලබා දීමේ මහරගම වැඩසටහනට, ඊයේ (14) වත්තෙගෙදර සමෘද්ධි බැංකු පරිශ්‍රයේදී එක්වෙමිනි. මෙම අවස්ථාවට මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොළ මහත්මිය, මහරගම නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා මෙන්ම රාජ්‍ය නිලධාරීහු, ප්‍රාදේශීය මහජන නියෝජිතයෝ, සමෘද්ධිලාභීහු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. මෙහිදී අමාත්‍යවරයා මෙසේද කීය. " ශ්‍රී ලංකාවේ පළමු වතාවට ගමට අය වැයක් ලබාදුන්නේ, 2022 අය වැයෙන්. සෑම ගමක් ම අවධි කිරීමට, උත්සාහවන්ත වන සෑම පුරවැසියෙක් ම ශක්තිමත් කිරීමට, මේ අය වැයෙන් පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තු ඇතුළු ආයතනවල මුදල්වලින් කොටසක් ගමට වෙන්වනවා. අපි හිස ඔසවන ජාතියක් බවට පත්විය යුතුයි. අනෙක් අයගේ සෙවනැල්ලේ සැමදාම ජීවත්විය නොහැකියි. සියලු පුරවැසියන්ට නිෂ්පාදනයට දායක වී ආර්ථිකයේ කොටස්කරුවෙකු වීමට රජය අවස්ථාව සලසා දී තිබෙනවා. සමෘද්ධි බැංකු කඩදාසි පුරවන කාලය අවසන් කර, විශ්වාසය හා සහතිකවීම මත, ජංගම දුරකථනය උපයෝගී කරගෙන ගනු දෙනු කරන, නවීන ලෝකයට එක්විය යුතුයි. "

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page