''සෑම අයෙක් එක් පැලයක් - හරිත ශ්‍රී ලංකා'' වැඩසටහන ඇරඹෙයි....
- helloplanetaviss
- Feb 15, 2022
- 1 min read

සෑම අයෙක් එක් පැලයක් හරිත ශ්‍රී ලංකා ජාතික වැඩසටහන වනජීවී අමාත්‍යංශයත්, පරිසර අමාත්‍යංශයත් එක්ව අරඹා ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. මෙම වැඩසටහන යටතේ වන ගම්මාන 200ක් ඇති කිරීම, පාසල් සහ අධ්‍යාපන ආයතන තුළ රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දීප ව්‍යාප්ත ඔසු උයන් ස්ථාපිත කිරීම, ආගමික ස්ථාන වල රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වැව් තාවුලු වල සහ වාරි රක්ෂිත වල රුක්රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සංස්ථා, මණ්ඩල ආදී ආයතන වල රුක්රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වතු සමාගම් කළමනාකරණය කරන ඉඩම් වල රුක් රෝපණ වැඩසටහන් ඇතුළු වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන බවද කීය. මේ සඳහා වනජීවී අමාත්‍යංශයත් පරිසර අමාත්‍යංශයත් ප්‍රතිපාදන දැනටමත් වෙන්කරමින් වැඩසටහන අරඹා ඇතැයිද පරිසර අමාත්‍යවරයා පැවසීය.
Comments