top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

සුභාශිංසන පණිවුඩය- ප්‍රාර්ථනාවන් ඉටුවන ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් වේවා!

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 14, 2022
  • 1 min read

ree

සුභාශිංසන පණිවුඩය- ප්‍රාර්ථනාවන් ඉටුවන ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් වේවා! සමස්ත දමිළ ජනතාව බැතියෙන් සමරන තෛපොංගල් උත්සවය කෘතගුණ සැලකීම මුල්කරගත් උතුම් මංගල්‍යයකි.

අස්වනු නෙලීම දක්වා හිරු දෙවියන් ඇතුළු ස්වභාවධර්මයෙන් කෘෂිකර්මාන්තයට ලැබුණු ශක්තිය සහ උපකාරයන් සිහිපත් කිරීම මෙම උතුම් මංගල්‍යයේ විශේෂත්වයකි. හින්දු දින දර්ශනයට අනුව පළමු මාසය සහ උදාව යන්න අර්ථවත් කරමින් තෛපොංගල් ලෙසින් සමරන මෙම උත්සවය ලොව පුරා දමිළ ජනතාවගේ ආගමික, සමාජීය හා සංස්කෘතික බැඳීම් විදහාපායි. විවිධ භාෂාවන් කතා කරන විවිධ ආගම් හා ජාතීන්ට අයත් ජනතාවක් ජීවත් වන ශ්‍රී ලංකාව සංස්කෘතික බැඳීම්වලින් පොහොසත් රටකි. ඒ නිසාම මෙවැනි උතුම් දිනයක ඇති සමාජ අර්ථය ජීවිතයට ළඟා කර ගනිමින් එක මවකගෙ දරුවන් මෙන් අප සියලු දෙනා පෙරට ආ යුතුය. දුෂ්කරතා හමුවේ වුවද එන්නත්කරණ වැඩසටහන විධිමත්ව පවත්වා ගැනීම හේතුවෙන් රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර දීමේ වගකීම ඉටු කිරීමට රජයක් ලෙස අපට හැකිවිය. වසංගත තත්ත්වය හමුවේ තවදුරටත් ඔබගේ සංස්කෘතික බැඳීම් සීමා නොවන්නට එය හේතු වූවා මෙන්ම අනාගතයට අප පියමන් කළ යුතුව ඇත්තේ අභියෝගවලට මුහුණදීමේ අධිෂ්ඨානය පෙරදැරිවය. සෞභාග්‍යමත් දේශයක් ලෙස ලොවට පියනැගීම සඳහා වූ උදාර අරමුණ සාක්ෂාත් කර ගැනීමේ දී ද තෛපොංගල් දින අර්ථයන් මහඟු පිටුබලයක් වනු ඇති බව මාගේ විශ්වාසයයි. කෘතගුණ සලකන සමාජයක් තුළ ඔබගේ නැවුම් බලාපොරොත්තු සඵල වනු ඇත. සියලු දමිළ ජනතාවගේ ප්‍රාර්ථනාවන් ඉටුවන ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් වේවා! යැයි සුබ ප්‍රාර්ථනා කරමි. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page