top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

"සෞභාග්‍ය දැක්ම යටතේ දුන් පොරොන්දු ඉදිරියේ දී ඉටු කරනවා"....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 7, 2022
  • 1 min read

ree

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද නවලපිටිය ආසනයේ කාන්තා බල මණ්ඩල සමුළුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අතිවිශාල ජනකායකගේ සහභාගිත්වයෙන් නාවලපිටිය පොදුජන පෙරමුණ රැස්වීම ශාලා පරිශ්‍රයේදී (05) දින පැවැත්විණි.

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය කාල සීමාවේ දී කොරෝනා වසංගතය හේතුවෙන් ගමට පැමිණ තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කිරීමට නොහැකි වූ බවයි. 2023 වන විට නාවලපිටියෙ ආසනයේ සෑම නිවසකටම සඳහාම පානීය ජලය ලබාදීම තම අරමුණ බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. තම රජය අවුරුදු පහක් සඳහා රට භාර ගත්තද කොරෝනා වසංගතය සඳහා අවුරුදු දෙකක කාලයක් කැප කිරීමට සිදු වූ බව ද කෙසේ වුවද සෞභාග්‍යය දැක්ම යටතේ දුන් පොරොන්දු ඉදිරියේ දී අනිවාර්යෙන්ම ඉටුකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් අලුත්ගමගේ සඳහන් කළේය. කොවිඩ් වසංගතය හමුවේ අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය විසින් ගෙනගිය වැඩපිලිවෙල මෙන්ම මෙවර අයවැය යෝජනා හරහා රටත්, රටේ ජනතාවගේ ආර්ථිකයත් ගොඩනැංවීම සිදුවන ආකාරය පිළිබඳව මෙහිදී පැමිණ සිටි නියෝජිතයින් හමුවේ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මැතිතුමිය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෘතියාධිකාරි මණ්ඩල සභික විධායක නාලනී පෙරේරා මහත්මිය, පස්බාගේකෝරලේ සහ ගඟඉහළකෝරලේ ප්‍රාදේශීය සභාවල සභාපතිතුමන්ලා, නාවලපිටිය නගර සභාවේ නගරාධිපතිතුමා, නාවලපිටිය ආසනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළුව විශාල ජනකායක් එක්ව සිටියා.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page