top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

සා.පෙළ අසමත් ලක්ෂයක් රාජ්‍ය සේවයට

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Dec 8, 2021
  • 1 min read

ree

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ, නමුත් එම කඩඉම පසුකර යාමට අසමත් වූ ලක්ෂයක පිරිසක් රාජ්‍ය සේවයට බදවා ගැනීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.


අමාත්‍යවරයා පැවසුවේ ඒ යටතේ මේ වන විට 45,000ක පිරිසක් රාජ්‍ය සේවයට බදවා ගෙන ඇති බවයි. අද (07) දින පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. පාර්ලිමේන්තුවේදී මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙලෙස අදහස් දැක්වීය.2015 – 2019 කාලපරිච්ඡේදය තුළ දී සමස්ත රාජ්‍ය සේවයට ලබා දීලා තියෙන රැකියා අවස්ථාවන් 22,145 යි.


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වූවාට පසු සංවර්ධන නිලධාරී සේවයට උපාධිධාරීන් පත්වීම් පමණක් මේ වෙන කොට 60,000 ක් ලබාදීලා තියෙනවා.මේ හැටදාහ ලබා දීලා, පුහුණු කාලය අවසන් කරලා ඔවුන් ස්ථිර කරන්න අවශ්‍ය වැඩකටයුතුත් කරලා තියෙනවා.ඊට අමතරව සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්ත, එසේ නැත්නම් සාමාන්‍ය පෙළ කඩඉම පසුකරන්න බැරි සහෝදර සහෝදරියන් ලක්ෂයක් රාජ්‍ය සේවයට එකතු කර ගැනීමේ වැඩසටහන මේ වෙන කොට ක්‍රියාත්මක වෙලා , ඒ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරලා මේ වෙන කොට 45,000 ක් දෙනා බඳවා ගෙන තියෙනවා.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page