සැප්තැම්බර් 11 ප්‍රහාරයට විසි වසරක් පිරීම නිමිත්තෙන් සංවිධාන කර තිබූ විශේෂ සැමරුමට ජනපති එක් වෙයි ..
- helloplanetaviss
- Sep 24, 2021
- 1 min read

ඇමෙරිකාවේ වොෂින්ටන් සහ නිව්යෝර්ක් නගර ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට විසි වසරක් පිරීම නිමිත්තෙන් ඇමෙරිකාවේ මෑන්හැටන්හි අනුස්මරණ ස්මාරකය අභියස සංවිධාන කර තිබූ විශේෂ සැමරුමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගියදා සහභාගී විය.
2001 වසරේ සැප්තැම්බර් 11 වන දින නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ වොෂින්ටන්හි පිහිටි එක්සත් ජනපද හමුදා මූලස්ථානය වූ පෙන්ටගනය ඉලක්ක කර ගනිමින් මෙම ත්‍රස්ත ප්‍රහාර එල්ල විය. එක්සත් ජාතීන්ගේ 76වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී කාර්යාලය සහ සැප්තැම්බර් 11 අනුස්මරණ කෞතුකාගාරය එක්ව සැමරුම් වැඩසටහන සංවිධාන කර තිබිණි. ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ට ගෞරවය පුද කිරීමේ මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින සෙසු රාජ්‍ය නායකයෝ සහ රාජ්‍ය නියෝජිතයින්ද එක්ව සිටියහ. ජනාධිපති මාධ්‍ය අංශය
Comments