top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ස.තො.ස අයතනයට සැමන් ටින් ලක්ෂ 04ක්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 28, 2021
  • 1 min read

ree

ස.තො.ස අයතනයට සැමන් ටින් ලක්ෂ 04ක් මසකට සැපයීමට ටින් මාළු නිෂ්පාදකයින් පොරොන්දු වූ බවත්, වෙළදපොලේ පවතින ටින් මාළු හිඟය අවම කිරීම සඳහා තමන්ට දිය හැකි උපරිම සහාය රජයට ලබා දීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බව එම නිෂ්පාදකයන් පොරොන්දු වූ බවත්, ධීවර අමාත්‍යංශය පවසයි.

පසුගිය දා (23) Zoom තාක්ෂණය ඔස්සේ ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සැමන් ටින් නිෂ්පාදකයන් 07 දෙනෙකු සමඟ පැවති සාකච්ඡාවේ දී ස.තො.ස ආයතනය වෙත තොග මිල යටතේ සැමන් ටින් ලක්ෂ 04ක් සැපයීමට ඔවුන් පොරොන්දු වී ඇත. පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ටින් මාළු කර්මාන්තශාලා වල ශ්‍රී ලංකාවේ වෙළදපොල තුළ මේ දිනවල පවතින ටින් මාළු හිඟය අවම කිරීම සදහා අවශ්‍ය පියවර ගැනීමට ධීවර අමාත්‍යවරයා විසින් මෙම සාකච්ඡාව කැදවා තිබුණි. මෙහිදී ටින් මාළු නිෂ්පාදකයින් ඔවුන්ට පැන නැගී ඇති ගැටළු රාශියක් පිළිබඳ අමාත්‍යවරයා දැනුම්වත් කරන ලදී. මේ පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍යවරයා මෙම ගැටළුවලට විසදුම් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page