top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

සැත්කමකින් පසු කාන්තාවක් මිය ගිය බව කියන වෛද්‍යවරයාට සැත්කම් තහනම් කෙරේ

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 29, 2022
  • 1 min read

ree

පෞද්ගලික රෝහලකදී වෛද්‍යවරයෙකුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ජා-ඇළ දෑලතුර ප්‍රදේශයේ තරුණියකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අමාත්‍යංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනතුරු වෛද්‍යවරයාගේ සැත්කම් තහනම් කරන බවයි.

පරීක්ෂණයෙන් පසු අදාළ වෛද්‍යවරයාට එරෙහිව විනය පියවර ගන්නා බවද ඔහු කියා සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ මට්ටමින් ද පරීක්ෂණ ක්‍රියාත්මකයි. සැකකාර වෛද්‍යවරයා මීට පෙර සිදුකළ සැත්කම්වලින් රෝගීන්ට ඇතිවූ සංකූලතා පිළිබඳව ද මේ වන විට තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේෂ්ඨ ප්‍රකාශකවරයා නෙත් නිවුස් වෙත වැඩිදුරටත් කියා සිටියා.

මෙලෙස සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ ඉකුත් මස 13 වනදා යුගදිවියට පිවිසි ජා-ඇළ, දෑලතුර පදිංචි බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රමයි. විවාහයෙන් දින 17කට පසු හටගත් සුළු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට ඇය රෝහල් ගතවී තිබුණා.

ඇයගේ පිත්තාශයේ එක් පැත්තක ගලක් ඇති බව ප්‍රකාශ කර ඇති වෛද්‍යවරයා සැත්කමක් සිදුකළ යුතු බවටයි ඇයට දන්වා ඇත්තේ. ඒ අනුව, වත්තල පිහිටි පෞද්ගලික රෝහලකදී ඇය සැත්කමකට භාජනය කරන්නේ ඉකුත් මස 31 වනදායි.

කෙසේවෙතත් ශල්‍යකර්මයෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඇය රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණත් ඇතිවූ සංකූලතා මත ඉකුත් 25 වැනිදා ඇය ජීවිතයෙන් සමුගත්තා. ඒ, දින විසිපහක් රාගම රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවයි. ඇයගේ උපන් දිනය යෙදී තිබුණේ ද ඉකුත් අඟහරුවාදා දිනයටයි.

පවුලේ ඥාතීන් චෝදනා කළේ පෞද්ගලික රෝහලක් තුළ ඇයට සැත්කම සිදුකළ වෛද්‍යවරයාගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුවූ බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් මතු වුණේ මරණයෙන් පසු සැත්කම සිදුකළ වෛද්‍යවරයා පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් සංසරණයවීම හේතුවෙන්.

ඒ අනුව අදාළ පෞද්ගලික රෝහල සහ වෛද්‍යවරයා සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් නියාමන සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය පැවසුවේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page