top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

සංචාරක වීසා මගින් කතක් ඩුබායි රැකියා සඳහා යැවූ වංචාකරු හසු කරගනී

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Aug 8, 2023
  • 1 min read

ree



ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව හා සංචාරක වීසා මගින් කාන්තාවක් ඩුබායි රැකියා සඳහා යොමුකළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ගලේවෙල ප්‍රදේශයේ පදිංචි අබ්දුල් කරීම් පස්ලාම් නම් පුද්ගලයෙකු සංචාරක වීසා මගින් තමන් ඩුබායි හි නිවසක රැකියාව සඳහා යොමුකළ බවත්, පසුව ඕමානයේ නිවසක රැකියාවට යොමුකළ බවත්, තමන් සේවය කරන නිවසේ හාම්පුතෙකුගෙන් තමන්ට හිරිහැර සිදුවන බවටත් සඳහන් කරමින් කාන්තාවක් විසින් සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදාහැර තිබේ.


ඒ පිළිබඳව කාර්යාංශ නිළධාරීන්ට කරුණු අනාවරණය වීමෙන් අනතුරුව එම වීඩියෝවේ සඳහන් වංචාකරු 05 වන දින ගලේවෙල, පට්ටිවෙල ප්‍රදේශයේදී ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් සැකකරු, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව හා සංචාරක වීසා මගින් කාන්තාවක් විදේශ රැකියා සඳහා යොමුකිරීමේ චෝදනාව මත 2023.08.06 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2023.08.08 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම වංචනික ක්‍රියාව සඳහා ඔහුට සහය වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කාර්යාංශය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු වන කපිල කරුණාරත්න මහතා හා විමර්ශන නිළධාරීන් වන සරත් විමලවීර, එම්.කේ.සුමනවීර, මදුශාන් විජේවර්ධන, නදීකා චන්දිමාලි හා ගයේෂා සුභාෂිනි යන නිළධාරීන් එක්විය.

සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශ ගතවීම නීතිවිරෝධී වන අතර, රැකියාවක් සඳහා විදේශ ගතවීමේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවීම අනිවාර්ය වේ. විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

 
 
 

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page