top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

සාගර විශ්වවිද්‍යාලයේ ප්‍රථම ඩිප්ලෝමාධාරී සහතික ප්‍රදානෝත්සවය පැවැත්වේ....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 20, 2022
  • 1 min read

ree

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය මඟින් සිදුකෙරෙන නාවික, ධීවර හා සාගර සම්බන්ධ පාඨමාලා 21ක් අතරින් පාඨමාලා ත්‍රිත්ත්වයක අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන්ගේ ප්‍රථම ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් (18) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී (BMICH) පැවැත්විණ.

එහි දී, · ජලජීවී වගාව සහ ජලජ සම්පත් කළමනාකරණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව (National Diploma in Aquaculture and Aquatic Resources Management) · සමුද්‍ර හා සැපයුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව (Diploma in Maritime and Logistics Management) · නාවික ඉංජිනේරු ජාතික ඩිප්ලෝමාව (National Diploma Marine Engineering) යන පාඨමාලා හැදෑරූ සිසු සිසුවියන් අද දින ඩිප්ලෝමාධාරීන් බවට පත් විය. දේශීය සහ විදේශීය රැකියා සුලබ මෙම පාඨමාලාවන් අවසානයේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන සහතිකයක් ලබාදෙන අතර සුදුසුකම් ලබන අභ්‍යාසලාභීන් හට සෘජුවම රැකියාගත වීමට අවස්ථාව හිමි වේ. දිවයිනේ වෙරළාසන්නව පිහිටි ප්‍රාදේශීය මධ්‍යස්ථාන අටක මෙම පාඨමාලා සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්ත්වයෙන්ම පවත්වනු ලැබේ. මෙම අවස්ථාව සඳහා සාගර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ඔස්කා(ර්) අමරසිංහ මහතා, උප කුලපති මහාචාර්ය වසන්ත රත්නායක මහතා, විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් ද වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ආචාර්ය තිලකරත්න ඒ. පියසිරි මහතා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් දීපා ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page