සෞඛ්‍ය සේවකයින්ට තෙල් දෙන්න සිපෙට්කෝ පිරවුම්හල් 85 ක් විවෘත වෙයි
- helloplanetaviss
- Jul 1, 2022
- 1 min read

සෞඛ්‍ය සේවකයින් සඳහා විශේෂයෙන් ඉන්ධන ලබාදීමට වෙන් කළ දිනය අදයි. එහෙත් රට තුළ ඉන්ධන නොමැති පසුබිමක මෙම දිනය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි නෙත් නිවුස් සොයා බැලීමක් කළා. එහිදී අනාවරණ වුණේ අද දිනයේදී වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩල වෙත ඉන්ධන ලබාදීමට පිරවුම්හල් 85 ක් තෝරාගෙන ඇති බවයි.
ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ඊයේ පැවැත්වූ සකච්ඡාවලදී මෙම එකඟතාවට පැමිණි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ නෙත් නිවුස් වෙත පැවසුවේ.
එලෙස ඉන්ධන ලබාදීමට තීරණය කර ඇත්තේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල්වලින්. එහෙත් බොහෝ පිරවුම්හල් වසා දමා ඇති පසුබිමක ඉන්ධන ලබාදෙන්නේ කෙසේද ?
මෙවන් පසුබිමක සෞඛ්‍ය සේවකයින් අද අලුයම සිට පිරවුම්හල් අසල රැඳී සිටින ආකාරය නෙත් නිවුස් කළ සංචාරයේදී දැකගත හැකි වුණා.
එමෙන්ම IOC ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව අද අලුයම ද දිවා රෑ නොමැති දිගු පෝලිම් දක්නට ලැබුණා. ඇතැම් පිරිස් සිය යතුරුපැදි ඉදිරිපිට පදික වේදිකාවේ නිදාගෙන සිටි ආකාරයක්ද දක්නට ලැබුණා.
Comments