top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

සෞඛ්‍ය අමාත්‍යවරයා හා ෆින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති අතර හමුවක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Nov 7, 2023
  • 1 min read

ree

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ෆින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති Kimmo Lahdevirta මහතා අතර විශේෂ හමුවක් (06) දින සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.


ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ සේවා සැපයීම සදහා ක්‍රියාත්මක කිරීමට නියමිත National Digital Health Blueprint Architecture (ජාතික ඩිජිටල් සෞඛ්‍ය පිඹුරුපත) පිළිබදව අමාත්‍යතුමා විසින් තානාපතිවරයා මෙහිදී දැනුවත් කරන ලදී.

එමෙන්ම නිදහසින් පසු බරපතලම අභියෝග රැසකට ශ්‍රී ලංකාව මෑතකාලීනව මුහුණ දුන් බවත්, එහිදී ප්‍රධාන අභියෝගයන් වලට මුහුණ දීමට සිදුවුයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට බවත්, එම අභියෝග ජය ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය හා ශ්‍රී ලංකා රජය දැඩි කැපවීමෙන් කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙරට සෞඛ්‍ය පද්ධතිය හා සැලකිය යුතු ක්ෂේත්‍ර කිහිපයක ඩිජිටල්කරණය හා සම්බන්ධ සංවර්ධනය වෙනුවෙන් ද, දෙරට අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීමට අවශ්‍ය සහය ලබා දීම‌ට ද ෆින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති Kimmo Lahdevirta මහතා මෙහිදී එකගතාවය පල කලේය.

මෙම හමුව සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන්, සෞඛ්‍ය තොරතුරුවේදය පිළිබද විශේෂඥ වෛද්‍ය ගුමිදු කුලතුංග යන මහත්වරුන් ද සහභාගී වුහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page