top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ෂේන් වෝන්ගේ මරණය ස්වභාවිකයි - මරණ පරීක්ෂණයෙන් හෙළි වේ

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Mar 7, 2022
  • 1 min read

ree

තායිලන්තයේ සංචාරක නිකේතනයක දී හදිසියේ මිය ගිය ඔස්ට්‍රෙලියාවෙන් බිහි වූ ලොව විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන ෂේන් වෝන්ගේ මරණය ස්වභාවික හේතූන් මත සිදු වූ බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා.


තායි පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (06) පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල ෂේන්වෝන්ගේ පවුලේ සාමාජිකයින් වෙත දැනුම් දුන් අතර ඔවුන් එම ප්‍රතිඵල පිළිගත් බවයි.


ඒ අනුව ඔහුගේ මළ සිරුර ඔස්ට්‍රෙලියාවට රැගෙන යාම සඳහා බැංකොක් නුවර කොන්සියුලර් නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.


පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල තායිලන්ත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බව ද බැංකොක් පොලීසිය සඳහන් කළා.


මුත්තයියා මුරලිදරන්ට පමණක් දෙවැනි වෙමින් ටෙස්ට් කඩුලු 708ක් බිද හෙළුෑ 52 හැවිරිදි ෂේන් වෝන් තායිලන්තයේ කෝ - සමුයි හි සංචාරක නිකේතනයක දී හදිසියේ මිය ගියේ පසුගිය සිකුරාදා දිනයේදියි.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page