top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ශ්‍රී ලංකාව සහ ලැට්වියා ජනරජය අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 22, 2021
  • 1 min read

ree

ශ්‍රී ලංකාව සහ ලැට්වියා ජනරජය අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට දෙරටේ රාජ්‍ය නායකයින්ගේ අවධානය ....

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ලැට්වියා ජනරජයේ ජනාධිපති එගිල්ස් ලෙව්ට්ස් (Egils Levits) මැතිතුමා අතර හමුවක් ඊයේ (21) දහවල් සිදු විය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අතරතුර මෙම හමුව සිදූ විය. දෙරට අතර විසිපස් වසරක තානාපති සබඳතා තවදුරටත් ද්වීපාර්ශ්වියව ඉදිරියට ගෙනයාම සඳහා ශක්තිමත්ව පියවර ගතයුතු බව රාජ්‍ය නායක දෙපළගේම අදහස විය. කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට හා සමාජයට එල්ල වී ඇති බලපෑම කෙරෙහි මෙහිදී රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමු වූ අතර වසංගතය පහවයාමත් සමග දෙරටේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ. අධ්‍යාපනය, ඩිජිටල් තාක්ෂණය යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම කෙරෙහි ද නායකයන්ගේ අවධානය යොමු විය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සංයුතිය වෙනස් විය යුතු බව හා ආසියාව, දකුණු අප්‍රිකාව, මැද පෙරදිග සහ දකුණු ඇමරිකානු කලාපවලට වැඩි නියෝජනයක් දීමේ අවශ්‍යතාව ද මෙහිදී දෙරටේ නායකයන්ගේ අවධානයට යොමු විය. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශ ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් යන මහත්වරු මෙම සාකච්ඡාවට එක් වූහ.


ree

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page