top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ බෞද්ධ උරුමයන් මත ගොඩනැගුන සබඳතා තර කිරීමට පියවර...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 28, 2021
  • 2 min read

ree

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රමාත්‍ය සහ විදේශ අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මහතා සමඟ කළ සාකච්ඡාවේ දී, ථෙරවාදී බුදු දහම අනුගමනය කරන රටවල් දෙකක් ලෙස ශක්තිමත් හා ඓතිහාසික ද්විපාර්ශ්වික සබඳතා පවතිවන බව පෙන්වා දුන්නේය.

ප්‍රමාණවත් තරම් ජ්‍යේෂ්ඨ භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ නොසිටි අවස්ථාවක දී බෞද්ධ භික්ෂු ශාසනය පවත්වා ගැනීම සඳහා තායිලන්තය ලබා දුන් සහය අමාත්‍යවරයා අගය කළේය. දෙරට අතර සබඳතා රජයන්ට පමණක් සීමා නොවන අතර, ජනතාව අතර ද පවතින බව අමාත්‍යවරයා අවධාරණය කළේය. බිම්ස්ටෙක්, අයෝරා සහ ආසියානු සහයෝගිතා සංවාදය වැනි බොහෝ ජාත්‍යන්තර හා කලාපීය කණ්ඩායම්වල දී දෙරටම එක්ව කටයුතු කර ඇත. කෘෂිකර්මාන්තය, මිරිදිය ධීවර කර්මාන්තය සහ මැණික් හා ස්වර්ණාභරණ සඳහා දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා පුළුල් අවකාශයක් පවතින බව අමාත්‍ය පීරිස් මහතා සඳහන් කළේය. අපේ නිෂ්පාදනවලට වටිනාකම් එකතු කිරීමට ශ්‍රී ලංකාව උනන්දුවක් දක්වන අතර, තායිලන්තයෙන් ඒ පිළිබඳ ප්‍රවීණතාව ලබා ගත හැකිය. රටේ අනුමැතියකින් තොරව විදේශීය විසඳුම් තනි රටවල් මත පැටවීම එක්සත් ජාතීන්ගේ මූලධර්මයන්ට පටහැනිය යන ප්‍රතිපත්තිමය ස්ථාවරය සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව අමාත්‍ය පීරිස් මහතා, තායිලන්ත රජයට සිය ස්තූතිය පුද කළේය. ශ්‍රී ලංකාවේ රාජකීය “කඨින” උත්සවයට සහභාගී වීමේ මතකයන් පිලිබඳව සඳහන් කළ තායිලන්ත විදේශ අමාත්‍යවරයා, කොවිඩ්-19 වසංගතයට පෙර ශ්‍රී ලංකාව බෞද්ධ වන්දනා මාර්ගයේ කොටසක් වූ අතර, කොවිඩ්-19 වසංගතය පාලනය කළ පසු එය යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසීය. බිම්ස්ටෙක් හි සභාපති ධූරය ශ්‍රී ලංකාව වෙතින් භාර ගැනීමට සහ ක්‍රියාත්මක වෙමින් පවතින වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට තමන් සූදානම් බව තායිලන්ත විදේශ අමාත්‍යවරයා කියා සිටියේය. දේශගුණික විපර්යාස වැළැක්වීමේ වැදගත්කම සහ ආයතනික අංශය, ප්‍රජාව සහ තරුණයින් යන සියල්ලන්ම ඒ සඳහා සම්බන්ධ විය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය. අපි ගැටලු නිරාකරණය කර ගත යුතු වන අතර, සාමකාමී ලෝකයක් නිර්මාණය කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කළ යුතු වේ. විදේශ අමාත්‍යාංශය



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page