top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍යවරු හමු වෙති....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 22, 2021
  • 2 min read

ree

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මාරිස් පේන් මහත්මිය නිව්යෝර්ක් හිදී හමු වූ අතර, පුළුල් පරාසයක පැතිරුණු ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීම සඳහා වන මාර්ග පිළිබඳව සාකච්ඡා කළේය.

විදේශ අමාත්‍ය පේන් මහත්මිය, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහත්මියගේ උණුසුම් සුභ පැතුම් පිරිනැමූ අතර, දෙරට අතර තානාපති සබඳතා පිහිටුවා වසර 75 ක් පිරීම නිමිත්තෙන් එළඹෙන සැමරුම් සඳහා සූදානම් වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පෞද්ගලිකව උනන්දුවක් දක්වන බව සඳහන් කළාය. වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ඕස්ට්‍රේලියාව සතු අත්දැකීම ගැන සඳහන් කළ අමාත්‍ය පීරිස් මහතා , මෙම ක්ෂේත්‍රයේ සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දැඩි උනන්දුවක් දක්වන බව පැවසීය. මිනිස් ජාවාරම සම්බන්ධයෙන්, මෙය මානුෂීය ඛේදවාචකයක් බවත් මෙම නීති විරෝධී ක්‍රියාව මැඩලීම සඳහා ශ්‍රී ලංකා රජය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇති බවත් ඔහු සඳහන් කළේය. රටේ උතුරු හා නැගෙනහිර පළාත්වල ආර්ථික සංවර්ධනය සහ සංහිඳියාව සම්බන්ධයෙන් බොහෝ ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව අමාත්‍ය පීරිස් මැතිතුමා අමාත්‍ය පේන් මැතිනියට දැනුම් දුන්නේය. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාංශය (ONUR) හා වර්තමාන තත්වය පිළිබඳව තක්සේරු කිරීම සහ එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම පිණිස ක්‍රම සහ විධි හඳුනා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය කරන විනිසුරුවරයෙකුගේ නායකත්වයෙන් යුතුව කොමිෂන් සභාවක් පත් කිරීම සම්බන්ධව ද ඔහු විස්තර කළේය. දේශීය ආයතනවලට තම නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා අවකාශය හා අවස්ථාව ලබා දීම අවශ්‍ය බවත්, මෙම කාර්යය යටපත් කරන තාවකාලික බාහිර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අනවශ්‍ය හා අහිතකර බවත් අමාත්‍ය පීරිස් මැතිතුමා සඳහන් කළේය. ශ්‍රී ලංකාව තෝරා ගෙන ඉලක්ක කරගත් යාන්ත්‍රණයක් පැවතීම අපරිණත හා නුසුදුසු බවත්, එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මයන්ට පටහැනිවන බවත් ඔහු සඳහන් කළේය. ඕස්ට්‍රේලියාවේ ඉතා උණුසුම් හා සුවිශේෂී ශ්‍රී ලාංකික ඩයස්පෝරාවක් සිටින බව අමාත්‍ය පේන්මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍ය පීරිස් මැතිතුමා විසින් දක්වා ඇති ක්ෂේත්‍රවල, විශේෂයෙන් බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම ඇය සාදරයෙන් පිළිගත්තාය. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර උණුසුම් හා සුහද සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සඳහා සමීපව කටයුතු කිරීම සඳහා අමාත්‍යවරුන් දෙදෙනාම එකඟ වූහ.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page