top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ශ්‍රී ලංකාවේ වරාය ක්‍ෂේත්‍රයේ සිදු කරන විශාලතම අයෝජනයට අත්සන් තබයි...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Oct 1, 2021
  • 2 min read

ree

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම සඳහා වන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය (CWIT) ආයෝජන පාර්ශවකාර ඉන්දියාවේ අදානී සමාගම හා ශ්‍රී ලංකා නියෝජිත ජෝන්කීල්ස් සමාගම අතර ගිවිසුම (30) කොළඹ දී අත්සන් තැබිණි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල හා කළමණාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස යන මහත්වරුන් ද අදානී පෝර්ට්ස් ඇන්ඩ් ලොජිස්ටික්ස් සමාගම වෙනුවෙන් එහි සභාපති සන්දීප් මෙහෙතා මහතා ද, ජෝන්කීල්ස් සමාගම වෙනුවෙන් එහි සභාපති කේන් බාලේන්ද්‍ර මහතා ද අත්සන් තබන ලදි. සූම් තාක්‍ෂණය ඔස්සේ ඉන්දියාවේ සිට අදානී පෝර්ට්ස් ඇන්ඩ් ලොජිස්ටික්ස් හි සභාපති සන්දීප් මෙහිතා හා එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කරන් අදානී යන මහත්වරු සහභාගි වූ අතර ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ද සූම් තාක්‍ෂණය ඔස්සේ සහභාගි විය. CWIT හෙවත් “කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය” ඉදි කිරීම ඇමෙරිකානු ඩොලර් මිලියන 700 කට අධික මූල්‍ය ආයෝජනයකි. එය එදා මෙදා තුර ලංකාවේ වරාය ක්ෂේත්‍රයේ සිදු කරනු ලබන විශාලතම අයෝජනය ලෙස ද හැඳින්වේ.මෙම ගිවිසුම BOT හෙවෙත් ඉදිකොට, මෙහෙයුම්කොට නැවත පවරා දීම යටතේ ක්‍රියාත්මක ගිවිසුමක් වන අතර ගිවිසුම් කාලය වසර 35කි. මෙම පර්යන්තය ඉදිකිරීමත් සමග කොළඹ වරායේ වාර්ෂික බහලු (TEU) මෙහෙයුම මිලියන 03 කින් ඉහළ යනු ඇත. මෙම ගිවිසුම්ගත වීම හේතුවෙන් ඇතිවන දැවැන්ත සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස කේන්ද්‍රීය ජාත්‍යන්තර වරායක් ලෙස මේ වන විට ගොඩනගාගෙන ඇති කීර්තිය තවදුරටත් වැඩි වන අතර, කලාපීය සහයෝගීතාව ද මේ නිසා ශක්තිමත් වන බව විශ්වාසයයි. එමෙන් ම මෙම ආයෝජනය නිසා වරාය ක්‍ෂේත්‍රය ද රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් වීමද සුවිශේෂී ප්‍රතිලාභයක් ලෙස දැක්විය හැකිය. මෙම අවස්ථාවට ඉන්දියානු මහකොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ මහතා, වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා ඇතුළු නිළධාරීන්,ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල,උප සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න,කළමණාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් ද ජෝන්කීල්ස් සමාගමේ සභාපති කේන් බාලේන්ද්‍ර මහතා,ජෝන්කීල්ස් ආයතනයේ නිළධාරින් ඇතුළු පිරිසක් සහභාගි විය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page