top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ශ්‍රී ලංකාවේ කාබනික ගොවිතැනට යුරෝපා සංගමය සහය දීමට සූදානම්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 24, 2021
  • 2 min read

ree

ශ්‍රී ලංකාවේ කාබනික වගාව සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානමින් සිටින බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත ජෙනි කොරියා නියුනස් (Jenny Correia Nunes) මහත්මිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේ සඳහන් කළාය.

(22) පෙරවරුවේ යුරෝපා සංගමය, ලෝක බැංකුව, ලෝක ආහාර සංවිධානය යන සංවිධානවල නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළාය. “යුරෝපා සංගමයට අයත් රටවල් කාබනික වගාව සඳහා යොමුව සිටිනවා. ශ්‍රී ලංකාවත් ඊට යොමුවීම ඉතා සුභ කටයුත්තක් විදියටයි අප දකින්නේ. එය සාර්ථක කරගන්න අවශ්‍ය උපකාර කරන්න අපි කැමැත්තෙන් ඉන්නවා.” යැයිද නියුනස් මහත්මිය සඳහන් කළාය. මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේ දිවයින පුරා ගොවීන් කාබනික ගොවිතැනට සූදානම්ව කටයුතු කරමින් සිටියදී ඔවුන් තුළ කාබනික පොහොර භාවිතය පිළිබඳ බියක් ඇති කරවීමට සංවිධානාත්මකව පිරිසක් උත්සාහ දරමින් සිටින බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කාබනික ගොවිතැන පිළිබඳව එතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කරලා තිබෙනවා. ඒ අනුව මේක දැන් රජයේ ප්‍රතිපත්තියක් බවට පත්ව තිබෙනවා. පිළිගත් ටෙන්ඩර් ප්‍රතිපත්තියෙන් පිට මෙරටට ලබා ගෙන ඇති කාබනික පොහොර සාම්පලයක් සම්බන්ධයෙන් පැළැටි නිරෝධායන මධ්‍යස්ථානය නිකුත් කර තිබෙන රසායනාගාර වාර්තාව පදනම් කරගෙන ඇතැම් පිරිස් ගොවී ජනතාව නොමඟ යවමින් වැරදි තොරතුරු සමාජ ගත කරන්න උත්සාහ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. “ ගොවීන් කාබනික ගොවිතැනට සූදානමින් සිටින්නේ. මේ වනවිටත් විශාල ගොවීන් පිරිසක් පෞද්ගලිකව තම වගාවට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමට පෙළඹී සිටිනවා. ගොවීන්ගේ අස්වැන්න ඉහළ නංවා ගැනීමට උපකාරී වන කාබනික නයිට්‍රජන් සහ පොටෑසියම් මෙන්ම දියර පොහෙර සහ කාබනික දිලීරනාශක ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. තේ, පොල්, රබර් ඇතුළු අනෙකුත් බෝග සඳහා ද කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් දෙකට අවසර ලබාදී තිබෙනවා.” යැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙහිදී ලෝක ආහාර සංවිධානයේ නියෝජිත විම්ලෙන්ද්‍ර සරාන් මහතා අදහස් දක්වමින් මෙම වැඩපිළිවෙල තුළ රටේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය. ලෝක බැංකුවේ නියෝජිත ඇන්ඩෲ ඩී. ගුඩ්ලන්ඩ් මහතා සඳහන් කළේ ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ සතුට පළ කරන බව මෙහිදී සඳහන් කළේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page