ශ්‍රී ලංකාවේ එන්නත් නැවත පිරවීමේ කම්හලක් පිහිටුවීම සඳහා ඉල්ලීමක්....
- helloplanetaviss
- Sep 28, 2021
- 1 min read

සීමාසහිත සයිනොෆාර්ම් බීජිං ජීව නිෂ්පාදන ආයතනයට (CNBG) යාම සඳහා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාට සහ තානාපති කාර්යාල නිලධාරින්ට ආරාධනා කරනලදි.
සයිනොෆාම් මූලස්ථානයේ උප සභාපති ෂි ෂෙංයී මහතා, ජීව විද්‍යාත්මක නිෂ්පාදන අංශයේ සභාපති ෂු ජිංජින් මහතා සහ ජාත්‍යන්තර අංශයේ උප සභාපති යාන් බිං මහතා තානාපතිවරයා පිළිගත් අතර, නියෝජිත පිරිස සමඟ අතිවිශාල කර්මාන්ත ශාලාව නැරඹීම සඳහා සංචාරය කළහ. තානාපතිවරයා, මධ්‍යම පාලක මැදිරිය සහ වසරකට මාත්‍රා බිලියන පහක් නිෂ්පාදනය කළ හැකි එන්නත් නිෂ්පාදන කම්හල නැරඹීය. වාණිජමය වශයෙන් ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රාවන් මිලියන 23 ක් ලබා දීම පිළිබඳව තානාපතිවරයා සයිනොෆාම් ආයතනයට සිය කෘතඥතාව පළ කළේය. 1919 දී සිදු වූ ආරම්භයේ සිට, එහි වර්තමාන අති නවීන පහසුකම් දක්වා වූ CNBG ආයතනයේ ක්‍රමික ප්‍රගතිය පිළිබඳව නියෝජිත පිරිස දැනුවත් කරන ලදි. මෙම සංචාරයේ දී කොවිඩ්-19 එන්නත නැවත පිරවීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ දී ස්ථාපිත කිරීමේ වාසිය තානාපතිවරයා නැවත අවධාරණය කළේය. ඔහු දේශීය වෙළෙඳපොළ අවස්ථා සහ කලාපය තුළ පවතින පුළුල් වෙළෙඳපොළ ප්‍රවේශය පිළිබඳව අවධාරණය කළේය. සයිනොෆාම් හි කළමනාකරණය ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වීය. මීට පෙර (2021 සැප්තැම්බර් 07) තානාපතිවරයා සයිනොෆාර්ම් ආයතනය වෙත සංචාරය කළ අතර, එහි දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිපියක් සමාගමේ සභාපති ලියු ජින්ග්සන් මහතා වෙත භාර දුන්නේය.
Comments