top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය හා කොවිඩ් පාලනයේ සාර්ථකත්වය ගැන සෞඛ්‍ය ඇමති නවසීලන්ත මහ කොමසාරිස්ට කියයි....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 19, 2022
  • 2 min read

ree

ශ්‍රී ලංකාවේ සාර්ථක එන්නත්කරණය තුළින් යහපත් මට්ටමක කොවිඩ් පාලනයක් රටට උදාකර ගැනීමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපටන් (Michael Appleton) මහතා හමුවේ පැවසීය.

මෙම තත්ත්වය තුළ රටෙහි ජනතාවගේ ජීවිත අවදානම අවම කරගැනීමට හැකි වූයේ යැයිද එමෙන්ම ආසාදිතයන් හා ඉන් රෝහල් ගත වන ප්‍රමාණය ඉතා අවම මට්ට්මකට ගෙන ඒමට හැකි වූ බවද අමාත්‍යවරයා කීය. නවසීලන්ත මහ කොමසාරිස්වරයා (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය. කොවිඩ් පාලන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ සිට පහළ දක්වා සෑම තරාතිරමකම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉහළම කැපකිරීමක් කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා නවසීලන්ත මහ කොමසාරිස්වරයා හමුවේ මෙහිදී පැවසීය. රාජකාරි තත්ත්වයනට එහා ගොස් ස්වේච්ඡාවන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ උදෙසා ඉහළ කැපකිරීමක් කළ බවත්, එම කැපකිරීම වඩාත් අගය කිරීමට ලක් කෙරෙන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය. ව්‍යසනය ආරම්භක අවස්ථාවේ සිට ඇතැම් රටවල් වලින් ඉහළ දායකත්වයක් ලැබුණු බවද එය ශ්‍රී ලංකාව වැනි රටකට මහත් ශක්තියක් වූ බවද අමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය සඳහා නවසීලන්තය දැක්වූ දායකත්වයට ස්තූතිය පිරිනමන බවත් විශේෂයෙන් නවසීලන්තයේ කොවිඩ් පාලනයේ සාර්ථකත්වය පිළිබඳව සතුටු වන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපටන් (Michael Appleton) මහතා, ශ්‍රී ලංකාවේ එන්නත්කරණය හා කොවිඩ් පාලනයේ සාර්ථකත්වය පිළබඳව සතුටු වන බවද ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ කැපකිරීම අගය කරන බවද පැවසීය. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් සඳහා වන පුහුණු පාඨමාලා වෙනුවෙන් නවසීලන්තයේ වැඩි ඉඩක් පවතින බවද මේ සඳහා ලොව පුරා බොහෝ රටවලින් විවිධ පිරිස් නවසීලන්තයට පැමිණෙන බවද මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය. විිශේෂයෙන් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තුළ එම පාඨමාලා සඳහා වැඩි ඉඩක් ලබාදිය හැකි බවද ඒ මහතා කීය. මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රඹුක්වැල්ල මහතා, වෘත්තිකයන් අතුරින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වෙනුවෙන් පුහුණු පාඨමාලා රැසක් මේ වන විට මෙරට සකසා ඇතැයිද හෙද උපාධි පාඨමාලාව වැනි පාඨමාලාවන් මෙලෙස ක්‍රියාත්මක බවද එමෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල විදෙස් පුහුණු පාඨමාලාවන්ට යොමු කිරීමේ අවස්ථාවන් මේ වන විට සකසා ඇතැයිද වැඩිදුරටත් කීය. කොවිඩ් ව්‍යසනයේදී දෙරට මහුණ දුන් ආකාරය මෙන්ම එයට ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබඳව හා ඉදිරියේදී එවැනි ව්‍යසනයක් ඇති වුවහොත් එයට මුහුණ දිය හැකි ආකාරයද මෙහිදී ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්වරයා හා සෞඛ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා කළේය. මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page