top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 8.4කින් පහල යයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 16, 2022
  • 1 min read

ree

මෙම වර්ෂයේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වර්ධන වේගය සියයට 8 යි දශම 4ක පසුබැසීමක් වාර්තා කර ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරනවා. ඒ, 2022 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කරමින්.

ඒ අනුව, 2021 වර්ෂයේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන තිස් ලක්ෂ 38,855 ක් ලෙස වාර්තාවී තිබුණා. එය මෙම වර්ෂයේ දෙවන කාර්තුවේ දී රුපියල් මිලියන විසිහත් ලක්ෂ 82,114 ක් දක්වා අඩු වී තිබෙනවා. කෙසේවෙතත් මෙම අගය 2020 වර්ෂයේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම ලෙස වාර්තා වූ රුපියල් මිලියන විසිහය ලක්ෂ 12,069 ට සාපේක්ෂව ඉහළයාමක්.

දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය පහළ යාමේදී කෘෂිකර්මාන්ත ආර්ථික කටයුතු සියයට 8 යි දශම 4 කින් පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ යටතේ ධාන්‍ය වගා කිරීම සියයට 32 යි දශම 3 කින් පසුබැස තිබීම කැපී පෙනෙන තත්ත්වයක්. තේ, වී, එළවළු සහ රබර් වගා කිරීමේ ද සෘණාත්මක වර්ධනයක් පෙන්නුම් කරන අතර කරදිය ධීවර හා සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආර්ථික කටයුතුවල සෘණ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

කර්මාන්ත ආර්ථික කටයුතු පහළ ගොස් ඇත්තේ සියයට 10 කින්. එහිදී වැඩි පසුබෑමක් පෙන්නුම් කර ඇත්තේ පිරිපහදු කළ ඛණිජ තෙල් නිෂ්පාදන කර්මාන්තයයි. එය සියයට 78 ක පසුබෑමක්.

සේවා ආර්ථික කටයුතු ද සියයට 2 යි දශම 2 ක පසුබෑමක් වාර්තා කර තිබෙනවා. එහිදී මූල්‍ය සේවා සහ රක්ෂණ සේවාවල පසුබෑමක් වාර්තා කර ඇති අතර වෘත්තිය සේවා, ගුවන්විදුලි හා රූපවාහිණී විකාශණ කාර්්‍යයන් හා සෞඛ්‍ය සේවාවේ ආර්ථික කටයුතුවල පසුබෑමක් පෙන්නුම් කරන බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page