ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව ලේකම්වරයෙක්....
- helloplanetaviss
- Sep 22, 2021
- 1 min read

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව ලේකම්වරයෙක්
2021 සැප්තැම්බර් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි සහකාර අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතුටින් දැනුම් දෙනු ලැබේ. සහකාර අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයෙන් මූල්‍යය පිළිබඳ වාණිජ විද්‍යාපති උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාර සංඛ්‍යානය පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාව සහ භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ද ලබා ඇත. කරුණාරත්න මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධිසාමාජිකත්වය සහ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය දරයි.
Comments