top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් ප්‍රවීණයන් ඉන්දියාවේදී අද තරඟ බිමේ

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 13, 2022
  • 1 min read

ree

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගිවන තවත් තරඟයක් අද රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ, එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමඟයි. තරඟය පැවැත්වෙන්නේ ඉන්දියාවේ කන්පූර්හිදීයි.

ඉකුත් 11 වනදා ඔස්ටේ්‍රලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමඟ පැවති තරඟය ලකුණු 38 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා.

මේ අතර රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමඟ පැවති තරඟය දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඬුලු 09 කින් ජය ගත්තා.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඬුලු 08 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 99 ක් පමණයි. දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 13 යි පන්දු 3ක් තුළ එක් කඬුල්ලක් පමණක් දැවී ලකුණු 100 ක් රැස් කරමින් එම තරඟය ජය ගත්තා.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page